Home » ශකීබ්ගේ දේපළ රාජසන්තක කිරීමට අධිකරණ නියෝගයක්

ශකීබ්ගේ දේපළ රාජසන්තක කිරීමට අධිකරණ නියෝගයක්

by sachintha
March 26, 2025 4:00 pm 0 comment

බංග්ලාදේශ ක්‍රිකට් පිලේ හිටපු නායක ශකීබ් අල් හසන්ගේ දේපළ රාජසන්තක කිරීමට එරට අධිකරණයක් නියෝග කර තිබේ.

පෙරේදා එරට ඩකා අගනුවර මහේස්ත්‍රාත් එම නියෝගය නිකුත් කර ඇත්තේ අමෙරිකානු ඩොලර් ලක්ෂ 3කට අධික අගරු චෙක්පත් ගෙවීමක් සම්බන්ධව පැවරූ නඩුවක් හේතුවෙන් බව වාර්තා වේ.

ඔහුගේ හිමිකාරීත්වය දරන ඇග්‍රෝ ෆාම් සමාගම විසින් එරට බැංකුවකින් ලබාගත් ණය මුදලක් නැවත පියවීම සඳහා එම චෙක්පත් නිකුත් කර තිබූ අතර, ඒ පිළිබඳ ගොනු කළ නඩුවට පෙනී නොසිටීම හේතුවෙන් පසුගිය ජනවාරියේදී ඔහු අත්අඩංගුවට ගැනීමට අධිකරණය වරෙන්තු නිකුත් කර තිබිණි.

ශෙයික් හසීනාගේ අවාමි ලීග් රජයේ පාලන සමයේදී දේශපාලනයට පිවිස පාර්ලිමේන්තු මන්ත්‍රි ධුරයක් හිමිකරගත් ශකීබ් අල් හසන් අවාමි ලීග් රජය බිඳ වැටීමෙන් පසු ජනතා විරෝධයට ලක්වූ අතර, විරෝධතාකරුවන්ට එරෙහිව සිදුවූ මර්දනය සම්බන්ධව ඔහුට ද චෝදනා එල්ල වූ බව වාර්තා වේ. ශෙයික් හසීනාගේ රජය බිඳ වැටුණු කාලයේදී කැනඩාවේ විස්සයි20 ලීග් තරගාවලියකට සහභාගි වෙමින් සිටි ශකීබ් අල් හසන් ඉන් අනතුරුව නැවත බංග්ලාදේශයට නොපැමිණියේය.

ෆවුස් මොහොමඩ්

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT