Home » වතුපිටිවල රෝහලේ බෙහෙත් හිඟයි

වතුපිටිවල රෝහලේ බෙහෙත් හිඟයි

by sachintha
March 26, 2025 4:22 pm 0 comment

බස්නාහිර පළාතේ ගම්පහ දිස්ත්‍රික්කයේ අත්තනගල්ල මැතිවරණ ප්‍රාදේශීය සභා බලප්‍රදේශයට අයත්ව පිහිටා තිබෙන වතුපිටිවල දිස්ත්‍රික් රෝහලට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි.

වතුපිටිවල දිස්ත්‍රික් රෝහලෙන් පොදුවේ බස්නාහිර හා සබරගමුව යන පළාත් දෙකේ මහජනතාවට සිදුවන්නේ අනුපමේය සේවාවකි.

රෝහලේ සේවයේ නියුතු වෛද්‍යවරුන් විසින් විවිධ වර්ගයේ සායනයන් පවත්වනු ලබන අතර වෛද්‍යවරු නිර්දේශ කරනු ලබන ඇතැම් ඖෂධ වර්ග රැසක හිඟයක් රෝහල තුළ පැවතීම නිසා ප්‍රතිකාර ලබා ගැනීම සඳහා පැමිණෙන සායන රෝගීන්ට මෙන්ම බාහිර අංශයේ රෝගීන්ට ද බලවත් දුෂ්කරතාවකට මුහුණපෑමට සිදුවී තිබේ. මේ පිළිබඳව සෞඛ්‍ය අංශ භාර නිලධාරිතුමන්ලාගේ විශේෂ අවධානය යොමුවේවා.

එච්. පිල්මන් ද සොයිසා

විශ්‍රාමික ග්‍රාම නිලධාරි

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT