Home » නවගමුව උඳුගොඩ ‘වීර විකුම්’ විවිධ ප්‍රසංගයෙන්…

නවගමුව උඳුගොඩ ‘වීර විකුම්’ විවිධ ප්‍රසංගයෙන්…

by sachintha
March 26, 2025 4:16 pm 0 comment

නවගමුව උඳුගොඩ සුබසාධක සංගමයට අනුබද්ධ ‘වීර විකුම්’ ළමා සමාජය මීට වසරකට පෙර ආරම්භ වූයේ එම ප්‍රදේශයේ දූ දරුවන්ගේ දැනුම වර්ධනය කිරීමට ළමා පුස්තකාලයක් ද සමඟිනි. එසේම නවගමුව ඓතිහාසික පත්තිනි මහා දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහරට මේ ළමා සමාජයේ දරු දැරියන් විසින් නර්තන අංග ඉදිරිපත් කරන ලදි. මාධ්‍යවේදී ධර්ම ශ්‍රී තිලකවර්ධන මහතාගේ අදහසක් අනුව විශ්‍රාමලත් පාඨාශාලාචාරිනී පී. සෝමසීලි මහත්මිය විසින් ආරම්භ කළ මේ ළමා සමාජයේ අනුශාසකවරියන් ලෙස ගීතා වසන්ති සහ මනාෂා සුභාෂණී කටයුතු කරති.

‘වීර විකුම්’ ළමා සමාජයේ වර්ෂ පූර්ණ සංවත්සරය සහ දරුවන්ගේ ‘වීර විකුම්’ විවිධ ප්‍රසංගය පසුගියදා නාගහවත්ත උත්සව ශාලාවේදී පැවැත්විණි. මෙහිදී ළමා සමාජයේ සාමාජිකත්වය දරන තෝරාගත් දරුවන් සත් දෙනකුට සාමාන්‍ය පෙළ විභාගය අවසන් වනතුරු ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමට නවගමුවේ ඕෂන් වොකේශනල් ඉන්ස්ටිටියුට් අධිපති සුමිත් බදුවත්ත මහතා විසින් වැඩපිළිවෙළක් අරඹන ලදි. එසේම සුමිත් බදුවත්ත සහ චාමර ජයලත් මහත්වරුන්ගේ අනුග්‍රහයෙන් මේ ළමා සමාජයේ සියලු දරුවන්ට නිල ඇඳුම් ලබාදීමට ද පියවර ගෙන ඇත.

මේ සංවත්සර උත්සවයට මාධ්‍යවේදී ධර්ම ශ්‍රී තිලකවර්ධන, කර්නල් පී. එල්. තිසේරා, සුමිත් බදුවත්ත, චාමර ජයලත්, ඉසුරු ලොකුපිටිය, විජේසේන ලොකුපිටිය, මනෝජ් උදය කුමාර සහ ජනක ගීත්ලාල් අල්විස් මහත්වරුන් ඇතුළු ආරාධිතයෝ සහභාගි වූහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT