Home » මස්කෙළිය බ්‍රවුන්ලෝ 320/N වසමට ග්‍රාම නිලධාරියෙක් නෑ වතුකම්කරුවෝ උද්ඝෝෂණයේ

මස්කෙළිය බ්‍රවුන්ලෝ 320/N වසමට ග්‍රාම නිලධාරියෙක් නෑ වතුකම්කරුවෝ උද්ඝෝෂණයේ

by sachintha
March 26, 2025 4:11 pm 0 comment

නොර්වුඩ් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය යටතේ පාලනය වන මස්කෙළිය බ්‍රවුන්ලෝ 320/N ග්‍රාමසේවා වසමට ස්ථිර ග්‍රාමසේවා නිලධාරිවරයෙක් ලබාදෙන ලෙස බලකරමින් එම වතුයායේ වතු කම්කරුවන් ඊයේ (25) උදෑසන උද්ඝෝෂණයක නිරත විය.

සිවු වසරක් තිස්සේ තාවකාලිකව පත් කරන ලද ග්‍රාමසේවා නිලධාරියෙකු විසින් තම වසමේ සතියකට වරක් කාර්යාලය වෙත පැමිණ සේවය කරන බවත්, එම ග්‍රාමසේවා නිලධාරිවරයා තම වසමට අමතරව තවත් ග්‍රාමසේවා වසම් කිහිපයක සේවය කරන බවයි උද්ඝෝෂණයේ නිරත වූ වතු කම්කරුවන් පවසා සිටියේ.

තම වසමට ස්ථිර ග්‍රාමසේවා නිලධාරියෙකු නොමැති වීම හමුවේ ගැටලු රැසක් මතු වී ඇති බවත්, බ්‍රවුන්ලෝ 320/N ග්‍රාමසේවා වසමෙන් වතු ගණනාවක් ආවරණය වන බවත්, පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයේදි ග්‍රාමසේවා නිලධාරිවරයාගෙන් සිදු කරගත යුතු සේවාවන් රැසක් සිදු කර ගැනීමට නොහැකි වී ඇති බවත් වතු කම්කරුවෝ පවසා සිටිති. එම වසමට ස්ථිර ග්‍රාමසේවා නිලධාරිවරයකු ලබා නොදීම සම්බන්ධයෙන් අප නෝර්වුඩ් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පරිපාලන සේවා නිලධාරිවරයා දුරකතනය ඔස්සේ සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළ ද එය ව්‍යාර්ථ විය.

හැටන් – රංජිත් රාජපක්ෂ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT