Home » රජවැල්ල බස් නැවතුම්පොළ ගොඩනැඟිලි කැලෑවට ගිහින්

රජවැල්ල බස් නැවතුම්පොළ ගොඩනැඟිලි කැලෑවට ගිහින්

-අපචාරවලින් පිරිච්ච බස්පොළට මගීන් එන්නේ නැහැ

by sachintha
March 26, 2025 4:04 pm 0 comment

නිසි ප්‍රයෝජනයට නොගැනීම හේතුවෙන් රුපියල් කෝටි ගණනක ගොඩනැඟිලි සමඟ දිගන රජවැල්ල මගී බස් රථ නැවතුම දිනෙන් දින විනාශයට යමින් පවතින බව දිගන රජවැල්ල අවට ජනතාව පවසති.

මහවැලි වික්ටෝරියා කඩිනම් සංවර්ධන වැඩපිළිවෙළ යටතේ මහනුවර – මහියංගණය A 26 මාර්ගයේ දුර සේවා බස් රථ සේවා හා සාමාන්‍ය සේවා බස් රථ දිගන රජවැල්ල මෙම බස් රථ නැවතුමේ සිට ඇරඹීම සඳහා මෙම බස් රථ නැවතුම්පොළ එවකට වික්ටෝරියා ව්‍යාපෘතියක් ලෙස කවාකාර හැඩයෙන් යුතුව එවකට අලංකර ලෙස ආරම්භ කළ ව්‍යාපෘතියක් බවත් ප්‍රදේශයේ ජනතාව පවසති.

එහෙත් මෙම නව සැලැස්මේ දෝෂ හේතුවෙන් මගී ජනතාව එම බස් රථ නැවතුම්පොළට නොපැමිණීම හා ප්‍රදේශයේ ධාවනය වන බස් රථ පිට පාරෙන් තෙල්දෙණිය හා මහනුවර දෙසට ධාවනය වීමෙන් මෙවැනි තත්ත්වයක් උදාවී තිබෙන බවත් ප්‍රදේශවාසීහු පවසයි.

දැනට පවතින මෙම තත්ත්වය මත මගී ප්‍රවාහන සේවා පොද්ගලික බස් රථ කිහිපයක් පමණක් සිය ගමන් වාරය පැමිණෙන තෙක් එහි ගාල් කර තිබුණ ද නිසි පරිදි මෙම බස් රථ නැවතුම්පොළින් බස් සේවයක් ක්‍රියාත්මක නොවන බව මගී ජනතාව වැඩිදුරටත් පවසයි.

මෙම තත්ත්වය නිසා රජවැල්ල බස් රථ නැවතුම්පොළ විවිධ අපචාරවලින් ගහන ස්ථානයක් බවට පත්ව ඇති බවත් ව්‍යාපාරිකයන්ගේ පෞද්ගලික රථවාහන ගාල් කරන හා ඔවුන්ගේ බඩු භාණ්ඩ ගබඩා කරන ස්ථානයක් බවට මෙම බස් රථ නැවතුම හා අවට ස්ථානය පත්ව ඇතැයි ප්‍රදේශවාසීහු වැඩිදුරටත් පවසති.

කරල්ලියද්ද සමූහ – කේ. විජේසිරි නිශ්ශංක

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT