Home » පොලොන්නරුව වෙල්යායක අසාධ්‍ය තත්ත්වයේ අලි පැටියෙක්

පොලොන්නරුව වෙල්යායක අසාධ්‍ය තත්ත්වයේ අලි පැටියෙක්

by sachintha
March 26, 2025 4:04 pm 0 comment

පොලොන්නරුව, ඕනෑගම, සිංහරාජපුර ප්‍රදේශයේ වෙල්යායක අසාධ්‍ය තත්ත්වයෙන් යුතුව ඇද වැටී සිටින වන අලියෙකු ප්‍රදේශවාසීන් විසින් පෙරේදා (24) හමුවී ඇත. ජලගැලුම්නිම්න ජාතික වන උද්‍යනයේ සිට පැමිණ ඇති මෙම වන අලියා සිංහරාජපුර, කොටුවෙල වෙල්යායේ අසාධ්‍ය තත්ත්වයෙන් යුතුව ඇද වැටී සිටිනු දැක ඒ පිළිබඳව පොලොන්නරුව වනජීවී කාර්යාලයේ වනජීවී නිලධාරීන් දැනුවත් කර තිබුණි. වෙල්යායේ ඇද වැටී සිටින වන අලියා හක්ක පටස් උගුලකට හසුව මෙලෙස අසාධ්‍ය තත්ත්වයෙන් යුතුව ඇද වැටී ඇති බවට සැකරෙන බව වනජීවී නිලධාරීන් සැක කරයි.

තුවාල ලබා ඇද වැටී සිටින මෙම වන අලියා උස අඩි 5-6ක් පමණ වන වයස අවුරුදු 9-10ත් අතර වයසේ පසුවන වන අලියෙකු බව පොලොන්නරුව වනජීවී කාර්යාලයේ වනජීවී නිලධාරීන් පවසා සිටිති.

තුවාල ලබා සිටින වන අලියාට ප්‍රතිකාර කිරීම ගිරිතලේ වනජීවී පශු වෛද්‍ය ඒකකයේ වනජීවී නිලධාරීන් සිදු කිරීමට නියමිතය.

ඇළහැර සරත් වෙලගෙදර සිරිපුර සමූහ මධුෂානි

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT