ඉස්ලාම් බැතිමතුන්ගේ රාමලාන් මාසයට සමගාමීව අම්පාර දිසාපති කාර්යාලය වාර්ෂිකව සංවිධානය කරන ඉෆ්තාර් උත්සවය ඉකුත්දා අම්පාර දිසාපති කාර්යාලයීය පරිශ්‍රයේදී පවත්වන ලදි. ප්‍රධාන ජාතීන් තුනම වෙසෙන අම්පාර දිස්ත්‍රික්කයේ ජනතාව අතර සාමය සහජීවනය, සුහදතාවය වර්ධනය කිරීමේ අරමුණින් අම්පාර දිසාපති චින්තක අභයවික්‍රම මහතාගේ උපදෙස් පරිදි දිසාපති කාර්යාලයීය ඉස්ලාම් සංසදය මඟින් මේ උත්සවය සංවිධානය කරනු ලැබීය.
මේ අවස්ථාවට දීඝවාපිය පරිවාර චෛත්‍යය විහාරාධිපති අධිකරණ සංඝනායක පෝද්‍යවල චන්දානන්ද හිමියන් සහ අම්පාර මහාවාපී විහාරවාසී දෙමටැල්ලේ දයාසාර හිමියන් වැඩ සිටීම විශේෂත්වයකි.
ඊට අමතරව අම්පාර දිස්ත්‍රික්කයේ කතෝලික පූජකවරුන්ද මවුලවිවරුන් හා හින්දු පූජකවරුන්ද ඇතුළුව ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරීන් හා දිසාපති කාර්යාලයේ කාර්ය මණ්ඩලයද මීට එක්වී සිටියහ.
අම්පාර සමූහ රවීන්ද්‍ර මැදගෙදර