දිවයිනේ පළමුවරට ඌව පළාත් ආණ්ඩුකාරවර කපිල ජයසේකර මහතාගේ සංකල්පයක් මත ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහනට සමගාමීව පෙර පාසල් දරුවන් සඳහා ගුරුවරුන්ට ලබාදීමට නිර්මාණය කළ “ලස්සන ජීවිතයකට පාර කියමු” ක්‍රියාකාරකම් සංග්‍රහය එළිදැක්වීම බදුල්ල පුස්තකාල ශ්‍රවණාගාරයේදී සිදුවිය.
පෙර පාසල් දරුවන්ගේ සමාජීය, පාරිසරික හා සදාචාරාත්මක සංවර්ධනය ගොඩනැංවීමේ මූලික අරමුණ ඇතිව ඌව පළාත් මුල් ළමාවිය සංවර්ධන අධිකාරියේ උපදේශකත්වය හා මෙහෙයවීම මත මෙම පොත මුද්‍රණය කිරීමට ආණ්ඩුකාරතුමන් උපදෙස් ලබාදී තිබිණ. ඌව පළාත් මුල් ළමාවිය සංවර්ධන අධිකාරිය විසින් නිර්මාණය කළ “ලස්සන ජීවිතයකට පාර කියමු” යන ක්‍රියාකාරකම් සංග්‍රහය පළාතේ පෙර පාසල් දරුවන් 31,000කට ඉගැන්වීම් කටයුතු සිදු කරන ගුරුවරුන් 2636 දෙනෙකුට පුහුණු වැඩසටහනක් පවත්වා මෙය බෙදාදීමට නියමිතව ඇත. ක්‍රියාකාරකම් සංග්‍රහය එළිදැක්වීමේ අවස්ථාවට වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න, පාර්ලිමේන්තු මන්ත්‍රී දිනිඳු සමන්, පළාත් අධ්‍යාපන ලේකම් නිහාල් ගුණරත්න, පළාත් ආණ්ඩුකාරතුමාගේ පුද්ගලික ලේකම් සුමිත් අබේනායක ඇතුළු නිලධාරින් හා පෙර පාසල් ගුරුවරුන් විශාල පිරිසක් සහභාගි විය.
ඌව පළාත් මුල් ළමාවිය සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ඩී.එම්.සී. දිසානායක මහතා ඇතුළු නිලධාරින් විසින් මෙම ක්‍රියාකාරකම් සංග්‍රහය නිර්මාණය කර එළිදැක්වීම සිදු කළාය.
ඌව පළාත් සමූහ – ප්‍රසන්න පත්මසිරි