බෞද්ධ ආගම අදහන ගොවීන් කුඹුරෙන් හෝ හේනෙන් හෝ ලබාගත් ධාන්‍යවලින් මුල් කොටස එනම් අග්‍රඵලය බුදු පුදට හා දෙවි පුදට වෙන් කරන උත්සවය වන අලුත් සහල් මංගල්‍යය මෙවර ද පස්වැනි වතාවටත් ඉකුත් 23 වැනිදා කෙහෙල්පන්නලදී පවත්වන ලදි. සබරගමු පළාතේ ඇති ලස්සනම ගම්මානය ලෙස ප්‍රසිද්ධියක් උසුලන කෙහෙල්පන්නල ගම්මානයේ මැද වෙල්යායේ පිහිටි බණගේ ලියද්ද යන ස්ථානයෙදී පිරිමි පුද්ගලයන් පමණක් සහභාගි කරගෙන කිරිබත් දානය පිස ඒවා පාත්තරවල අසුරවාගෙන, වෙල්යායේ සිට බෙර හේවිසි මධ්‍යයේ පෙරහරකින් ගම්මානයේ ගොවි ජනතාව එක්ව කෙහෙල්පන්නල ශ්‍රී පබ්බතාරාම පුරාණ විහාරස්ථානය දක්වා වැඩම කොට එම පූජාවන් පළමුව බුදුන් වහන්සේ වෙනුවෙන් පූජා කිරීම සිදු කරන්නට විය.
මෙම සියලු කටයුතු සිදු කරන්නේ ගල්බඩ පරණකූරු දෙකෝරළයේ ප්‍රධාන අධිකරණ සංඝනායක කෙහෙල්පන්නල බලත්ගමුව උභය විහාරාධිපති ශාස්ත්‍රවේදී පණ්ඩිත පූජ්‍ය හකුරුගම්මන විමලරතන නායක හිමියන්ගේ ආශීර්වාදයෙනි. මේ වන විට උන්වහන්සේ 85 වැනි වියේ පසුවන ප්‍රදේශයේ වයස්ගතම හිමිපාණන් වහන්සේ ද වෙයි.
මාවනැල්ල විශේෂ – සමන් විජය බණ්ඩාර