Home » ජපාන ආරක්‍ෂක බලකායට අයත්‘MURASAME’නෞකාව දිවයිනෙන් පිටත්ව යයි

ජපාන ආරක්‍ෂක බලකායට අයත්‘MURASAME’නෞකාව දිවයිනෙන් පිටත්ව යයි

by chanaka
March 26, 2025 10:55 am 0 comment

පසුගිය 22වැනිදා සැපයුම් හා සේවා අවශ්‍යතා සපුරා ගැනීම සඳහා දිවයිනට පැමිණි ජපාන සමුද්‍රීය ස්වයං ආරක්‍ෂක බලකායේ ‘MURASAME’ නෞකාව,සැපයුම් හා සේවා අවශ්‍යතා සපුරාගැනීමෙන් අනතුරුව ඊයේ (25) දිවයිනෙන් පිටත්ව ගියේය.

එම නෞකාව වෙත ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික හමුදා සම්ප්‍රදායානුකූලව සමුදීම, කොළඹ වරායේදී සිදු කෙරිණි.

මෙම සංචාරයේදී, නෞකාවේ අණදෙන නිලධාරී සහබටහිර නාවික විධානයේ ආඥාපති අතර නිල හමුවක් එම විධාන මූලස්ථානයේදීපැවැත්වුණු අතර,‘MURASAME’ නෞකාවදිවයිනේ රැඳී සිටි කාලසීමාව තුළ එහි නැව් මුළුවකොළඹ ප්‍රදේශයේ ආකර්ෂණීය සංචාරක ස්ථාන නැරඹීම සඳහාද සහභාගී වූහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT