ඉදිරි කන්නවලදී ගොවීන්ගේ ගොවිතැනින් සුරක්‍ෂිත භාවය ආරක්ෂා කිරීම සඳහා වී වගාවට පමණක් නොව කන්න රැස්වීම්වලින් තීන්දු ගන්නා අතුරු භෝග වගාවන් වෙනුවෙන්ද රුපියල් 15,000ක පොහොර සහනාධාරයක් ලබාදීමට ආණ්ඩුව බලාපොරොත්තුවන බව කෘෂිකර්ම නියෝජ්‍ය ඇමැති නාමල් කරුණාරත්න මහතා සඳහන් කළේය.
නියෝජ්‍ය ඇමැතිවරයා මේ අදහස් පළ කළේ ඊයේ (25) ඉබ්බාගමුවේදී පැවති 2025 ජාතික අලුත් සහල් මංගල්‍යයට එක්වෙමිනි. එහිදී වැඩිදුරටත් කතා කළ කෘෂිකර්ම නියෝජ්‍ය ඇමැති නාමල් කරුණාරත්න මහතා මෙසේද පැවසීය. බඩ ඉරිඟු, ලොකු ලූනු, රතුළූණු, මුං ඇට, කව්පි සහ මිරිස් යන භෝග වගාවන් සඳහා ඉදිරිපත් වන ගොවීන් හට ඒ වෙනුවෙන් රජයේ ඉඩම් ප්‍රමාණයක් වෙන්කර දීමට ආණ්ඩුව බලාපොරොත්තු වෙනවා.
එසේ රජයේ ඉඩම් භාවිත කරමින් ඒවයෙහි වගා කරන සියලුම භෝග සඳහා ආණ්ඩුව වීවලට මෙන්ම සහතික මිලක් නියම කරනවා. ඒවා එසේ නියම කරන මිල ගණන් යටතේ ආණ්ඩුව විසින්ම මිලදී ගැනීමටත් කටයුතු කරනවා.
සුනිල් එස්. පැල්ලන්දෙණිය – කුරුණෑගල විශේෂ