දේශබන්දු තෙන්නකෝන්ට එරෙහිව ගෙන එන ඕනෑම විශ්වාසභංග යෝජනාවකට එදා මෙන්ම අදත් අපේ සහයෝගය ලබා දෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. විපක්ෂ නායකවරයා මේ බව පැවසුවේ ඉදිරි පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් සමගි ජන බලවේගයේ මහනුවර දිස්ත්‍රික් අපේක්ෂකයන් වෙනුවෙන් ඊයේ (25) පැවැති වැඩමුළුවකදී අදහස් දක්වමිනි. තවදුරටත් ඔහු මෙසේද පැවසීය.
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක් ආණ්ඩුව ඉදිරිපත් කර තිබෙනවා. ඒ සඳහා සමගි ජන බලවේගය මේ දේශබන්දු තෙන්නකෝන්ට විරුද්ධව විශ්වාසභංගය ඉදිරිපත් කළේ පසුගිය ආණ්ඩුව සමයේ. ව්‍යවස්ථාදායක සභාවේ එදා ඔහුට විරුද්ධව ඡන්දය පාවිච්චි කළේ සමගි ජන බලවේගයයි. දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති කළේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින්. ඒ ව්‍යවස්ථා උල්ලංඝනය කිරීමට හිටපු ජනාධිපතිවරයා සේම කථානායකවරයා ද වගකිව යුතුයි. ව්‍යවස්ථාදායක සභාවේ සිදු වූ දේ සම්පූර්ණයෙන්ම විකෘති කර උත්තරීතර නීතිය අමු අමුවේ කඩකරමින් මේ කටයුතු කළා.
රක්ෂණ ශ්‍රියන්ත