Home » තරයේ හෙළා දකිනවා නාමල් රාජපක්ෂ

තරයේ හෙළා දකිනවා නාමල් රාජපක්ෂ

by sachintha
March 26, 2025 4:46 pm 0 comment

මානව හිමිකම් චෝදනා නඟමින් මෙරට යුද විරුවන්ට එරෙහිව එක්සත් රාජධානිය පනවන සම්බාධක තරයේ හෙළාදකින බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අවධාරණය කරයි.

සිය X ගිණුමේ සටහනක් තබමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කර තිබේ.

එහි වැඩිදුරටත් මෙසේ සඳහන් වෙයි.

ශ්‍රී ලංකාව ත්‍රස්තවාදය මුළුමනින්ම පරාජය කළ පළමු රටයි. බටහිර ත්‍රස්තවාදයට ගැති බලධාරියෝ එල්.ටී.ටී.ඊ. ම්ලේච්ඡත්වයට අරමුදල් සැපයූ බව නොරහසක්. ඒ අය ත්‍රස්තවාදය සාධාරණීකරණය කරමින්, සාමය ගෙන ආ අපේ රණවිරුවන් දඩමීමා කර ගෙන කටයුතු කිරීමට වර්තමානයේ ද උත්සාහ දරනවා. එක්සත් රාජධානිය මේ එල්ල කරන සම්බාධක තරයේ හෙළාදකිනවා. එල්ටීටීඊ ත්‍රස්තවාදයට එරෙහිව කිසිදු සම්බාධකයක් නැහැ. මේ ත්‍රස්තවාදය වෙනුවෙන් ක්‍රියාත්මක වන විවිධ කණ්ඩායම්වල බලපෑම්වල ප්‍රතිඵලයක්.

මෙය යුක්තිය නොවන අතර අප ජාතියේ සංහිඳියාව අනතුරේ හෙළමින් තිබෙනවා. මේ බව උතුරේ, දකුණේ ජනතාව තේරුම් ගත යුතුයි. මෙම සම්බාධක අපගේ සමස්ත හමුදාවන්ගේ චිත්ත ධෛර්යය පහත හෙළනවා. එමෙන්ම එකීය රාජ්‍යක භෞමික අඛණ්ඩතාවයට එල්ල කරන සෘජු ප්‍රහාරයක්. මෙම සම්බාධක පිටුපස සිටින රටතුළ ප්‍රශ්න නිර්මාණය කරමින්, සංහිඳියාව අනතුරේ හෙළීම සිදු කරනවා. ඔවුන්ට දෙමළ ප්‍රජාවගේ සැබෑ ගැටලු විසඳීමට වුවමනාවක් නැහැ.

විශේෂයෙන්ම උතුරු – නැඟෙනහිර දෙමළ ප්‍රජාවන්ට ඡන්දය දීමට පැහැදිලි මාවතක් දැන් ලැබී තිබෙනවා. ඒ බැවින් ඔවුන්ගේ සැබෑ ඉලක්කය වී ඇත්තේ ලබා ඇති ප්‍රගතිය කඩාකප්පල් කිරීමයි. ජාතීන් අතර සංහිඳියාවට බාධා කිරීමට අපි කිසිවිටකත් කිසිවකුට ඉඩ නොතබමු. මා නැවත, නැවත අවධාරණය කරනවා.

මහින්ද අලුත්ගෙදර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT