Home » ඇමැති නිල නිවාස කමිටු වාර්තාව ජනපතිට

ඇමැති නිල නිවාස කමිටු වාර්තාව ජනපතිට

by sachintha
March 26, 2025 4:00 pm 0 comment

අමාත්‍ය නිල නිවාස වෙනත් කාර්යයන් සඳහා යොදා ගැනීම පිළිබඳ සොයා බැලීමට පත් කළ කමිටු වාර්තාව ජනාධිපති ලේකම් කාර්යාලයට භාරදී ඇතැයි රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය පවසයි.

අමාත්‍ය නිල නිවාස ආර්ථික කටයුතු සඳහා යොදාගැනීම පිළිබඳව සොයා බලා වාර්තාවක් සැපයීමට සාමාජිකයන් 05 දෙනකුගෙන් සමන්විත කමිටුවක් රජය විසින් පත් කරනු ලැබූ අතර, එම වාර්තාව මෙලෙස ජනාධිපති ලේකම් කාර්යාලයට භාරදී තිබේ.

අදාළ වාර්තාව පදනම් කර ගනිමින් ඉදිරියේදී එම නිල නිවාස සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බව රාජ්‍ය පරිපාලන ඇමැති චන්දන අබේරත්න මහතා සඳහන් කළේය.

අමාත්‍ය නිල නිවාසවලින් එක් නිවාසයක් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ කාර්යාල කටයුතු සඳහා යොමු කරනු ලැබූ අතර, සෙසු නිල නිවාස තම භාවිතයට දෙන ලෙස අධිකරණ විනිසුරුවරුන් මීට පෙර ඉල්ලීමක් කරනු ලැබීය.

අමාත්‍යාංශ සහ ආයතන ගණනාවක් ද මේ නිල නිවාස කුලියට දෙන ලෙස ඉල්ලීම් කර තිබේ. අදාළ නිල නිවාසවලින් පෞරාණික වටිනාකම් සහිත නිවාස විදේශ සංචාරකයන් වෙනුවෙන් වෙන් කිරීම කෙරෙහි ද රජයේ අවධානය යොමුවී ඇත.

රජය යටතේ දැනට ඇති අමාත්‍ය නිල නිවාස ප්‍රමාණය තිස්පහකි.

නෙරංජලා වික්‍රමසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT