විශිෂ්ටම මානව විද්‍යාඥයා වූ සම්මානිත මහාචාර්ය ගනනාථ ඔබේසේකර මහතා ඊයේ (25) උදෑසන කොළඹදී අභාවප්‍රාප්ත විය.
1930 වසරේදී මතුගම දර්ගා නගරයේ මීගමදී උපන් ඔහු 1955දී පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් ඉංග්‍රීසි සඳහා මූලික උපාධිය ලබා ගත්තේය.
ශාස්ත්‍රපති සහ ආචාර්ය උපාධි (1964) වොෂිංටන් විශ්වවිද්‍යාලයෙන් ලබාගත් ඔහු පේරාදෙණිය ලංකා විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා දෙපාර්තමේන්තුවේ කලක් සේවය කළේය. කැලිෆෝනියා, වොෂිංටන් සහ ප්‍රින්ස්ටන් විශ්වවිද්‍යාලවල මානව විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයකු වශයෙන් පසුව සේවයට එක්විය. ඔහුගේ විශිෂ්ට කෘතීන්ගෙන් එකක් වන ‘The Cult of the Goddess Pattini’ (1984) නම් ‘පත්තිනි ඇදහිල්ල’ පිළිබඳ වූ කෘතිය ඉන්දීය උප මහාද්වීපික කලාපයේ සංස්කෘතික ඥාතීත්වය හෙළි කරයි. රිචර්ඩ් ගොම්බ්‍රිච් සමඟ සම කතෘත්වයෙන් පළවූ ‘Buddhism Transformed: Religious Change in Sri Lanka’ යන කෘතියත් සමඟ ඔහුගේ කතෘත්වයෙන් පළවූ කෘති දහයකට වැඩිවේ.
එක්සත් රාජධානියේ මැන්චෙස්ටර් විශ්වවිද්‍යාලය 2003 වසරේදී මානව විද්‍යා ක්ෂේත්රයට අනුපමේය දායකත්වයන් ලබාදුන් අග්‍රගණ්‍ය මානව විද්‍යාඥයන්ට ජීවිතයේ එක් වරක් පමණක් ප්රදානය කරනු ලබන ‘Thomas H. Huxley’ සම්මානය මහාචාර්ය ඔබේසේකරට ප්රදානය කළේය. 1900 වර්ෂයේදී ආරම්භ කරන ලද මෙම සම්මානය යුරෝපීයන් නොවන මානව විද්‍යාඥයන් දෙදෙනකුට පමණක් හිමිව ඇත.
ලාංකේය සංස්කෘතිය, සමාජය, ඉතිහාසය හා දේශපාලනය පිළිබඳ ඔහු විසින් ගොඩනඟා ඇති අතිවිශාල සමාජ – මානව විද්‍යාත්මක පර්යේෂිත දැනුම් සම්භාරය අති ප්රබලය. මහාචාර්ය ගනනාථගේ ඉල්ලීම පරිදි අවසන් කටයුතු අද (26) කොළඹදී සිදු කිරීමට නියමිතය.