Home » ලෝක ක්ෂය රෝග දිනයට පාගමනක්…

ලෝක ක්ෂය රෝග දිනයට පාගමනක්…

by sachintha
March 26, 2025 4:22 pm 0 comment

‘අපට ක්ෂය රෝගය තුරන් කළ හැක – කැපවෙමු – ආයෝජනය කරමු – සේවා සපයමු’ තේමාව පෙරදැරි කර ගනිමින් ක්ෂය රෝගය සම්බන්ධයෙන් ජනතාව දැනුම්වත් කිරීමේ පාගමනක් ඊයේ (25) බොරැල්ල වෛද්‍ය පර්යේෂණායතනයේ පිහිටි කොළඹ දිස්ත්‍රික් ළය සායනයේ සිට කොළඹ ජාතික රෝහල දක්වා ගමන් කරනු ලැබිණි. ඒ අවස්ථාවට සහභාගි වූ සෞඛ්‍ය හා ජනමාධ්‍ය නියෝජ්‍ය ඇමැති වෛද්‍ය හංසක විජේමුණි, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහත්වරුන් ඇතුළු පිරිස පාගමනේ නිමාව කොළඹ ජාතික රෝහලේ නව බාහිර රෝගී ගොඩනැඟිලි පරිශ්‍රයේදී සටහන් කළ අවස්ථා. ඡායාරූපය – වාසිත පටබැඳිගේ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT