මිනුවන්ගොඩ – කටාන යන මැතිවරණ කොට්ඨාසවලට මායිම්ව සියඹලාගහමුල හන්දියේ පිහිටා ඇති පීල්ලවත්ත වැවේ රුපියල් ලක්ෂ ගණනක් වියදම් කර
ආරම්භ කළ මිරිදිය මත්ස්‍ය ව්‍යාපෘතිය අසාර්ථක තත්ත්වයට පත්ව වැව වල්බිහිවී පාසිවලින් හා අපද්‍රව්‍යවලින් පිරී ගොස් ඇතැයි ප්‍රදේශවාසීහු
චෝදනා කරති.
බස්නාහිර පළාතේ ධීවර අමාත්‍යාංශය මඟින් ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරියේ තාක්ෂණික උපදෙස් මත මෙම මිරිදිය මත්ස්‍ය වගා ප්‍රවර්ධන ව්‍යාපෘතිය 2007 – 3 – 19 දින ආරම්භ කර මත්ස්‍ය පැටව් මුදා හැරීම සිදු කර තිබිණි. ඒ අනුව, මසුන් ඇල්ලීම හා ආරක්ෂා කිරීමේ සියලුම බලතල දැවමොට්ටාව සමගි ධීවර සමිතියට පවරා ඇති බව දන්වා බස්නාහිර පළාත් ධීවර අමාත්‍යාංශය මඟින් වැව අසල නාම පුවරුවක් ද සවිකර ඇත. කෙසේ වෙතත් ප්‍රදේශවාසීන් කියා සිටින්නේ, වැවේ වත්මන් තත්ත්වය ඉතා කනගාටුදායක බවයි.
මිනුවන්ගොඩ ගුවන්තොටුපොළ පාරේ කිලෝමීටර් 5 – 6 අතර සියඹලාගහමුල හන්දිය අසල කටාන මැතිවරණ කොට්ඨාසය තුළ පිහිටා
ඇති වටිනාම ජල මූලාශ්‍රය පීල්ලවත්ත වැවයි. මෙය කටාන ආසනය සතු එකම වැවයි. දැවමොට්ටාව, කලහපිටිය, පල්ලවැව යන ගම්මානවල කුඹුරු යායවල් මෙම වැවෙන් ජලය ලබාගෙන අස්වැද්දූ බව අතීත තොරතුරුවලින් සනාථ වේ. වැවේ ගැටලුව සම්බන්ධයෙන් කතා කිරීමේදී ගම්වාසීන් පවසන්නේ දීර්ඝ ඉතිහාසක් ඇති පීල්ලවත්ත වැව පිළිසකර කොට වැඩිදියුණු කිරීම කාලීන අවශ්‍යතාවයක් බවයි. ලක්ෂ ගණනක් වියදම් කර 2007 වර්ෂයේ ආරම්භ කළ
මිරිදිය මත්ස්‍ය ව්‍යාපෘතිය කිසිදු නියාමනයක් නොකර ඉතා කෙටි කාලයකින් අසාර්ථක වීම පිළිබඳව ප්‍රදේශවාසීහු කනගාටුව පළ කරති.
වල්බිහිවී, පාසිවලින් හා අපද්‍රව්‍යවලින් පිරී ඇති පීල්ලවත්ත වැව කඩිනමින් සංවර්ධනය කිරීමට කටයුතු කිරීම වගකිවයුතු කාගේත්
යුතුකම බවද ඔවුහු පෙන්වා දෙති.
වේයන්ගොඩ සමූහ – සරත් පුෂ්පකුමාර