Home » මාවතගම ගෙයක් ඇතුළේ කසිප්පු පෙරූ අයෙක් අත්අඩංගුවට

මාවතගම ගෙයක් ඇතුළේ කසිප්පු පෙරූ අයෙක් අත්අඩංගුවට

by sachintha
March 26, 2025 4:10 pm 0 comment

මාවතගම ප්‍රදේශයේ නිවෙසක් තුළ සූක්ෂ්මව සඟවා පෙරීමට සූදානම් කර තිබූ රුපියල් ලක්ෂ අටක් පමණ වටිනා ගෝඩා තොගයක් අත්අඩංගුවට ගත් බව හංවැල්ල පොලීසිය පැවසීය.

බුද්ධි අංශයෙන් ලද තොරතුරකට අනුව පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන්ගේ ද සහාය ඇතිව හංවැල්ල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සනත් රාජසිංහ මහතා විසින් ජාවාරම සිදු කරගෙන ගිය පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබේ. සොයාගත් ගෝඩා තොගය එම ස්ථානයේදීම විනාශ කර ඇති අතර, සැකකරු අවිස්සාවේල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය තිබුණි.

පොලිස් විශේෂ කාර්යය බළකායේ පොලිස් පරීක්ෂක ලක්මාල්, පොලිස් සැරයන් (93483) රණසිංහ, (85453) දිනේෂ් යන නිලධාරීහු වැඩිදුර පරීක්ෂණ මෙහෙයවති.

හංවැල්ල විශේෂ – අජිත් හේවසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT