මෙරට ක්ෂය රෝගය සහ එච්.අයි.වී. ඒඩ්ස් මර්දන වැඩසටහන්වලට ලබාදෙන ප්‍රදාන ක්‍රියාත්මක කිරීම සහ ඊට අදාළ වත්මන් ප්‍රගතිය සොයා බැලීමේ විශේෂ සාකච්ඡාවක් සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සහ ගෝලීය අරමුදලේ නියෝජිතයින් සමඟ පෙරේදා (24) පැවැත්විණි.
ගෝලීය අරමුදලේ නියෝජිත කණ්ඩායමක් පෙරේදා (24) මෙරටට පැමිණි අතර, එම නියෝජිත කණ්ඩායම සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මුණගැසී මෙරට ක්ෂය රෝගය සහ එච්.අයි.වී. ඒඩ්ස් මර්දන වැඩසටහන්වලට ලබාදෙන ප්‍රදාන ක්‍රියාත්මක කිරීම සහ ඊට අදාළ වත්මන් ප්‍රගතිය පිළිබඳ සෞඛ්‍ය අමාත්‍යවරයා සමඟ විශේෂ සාකච්ජාවක් පැවැත්විණ.
ගෝලීය අරමුදලේ නියෝජිත පිරිස මෙරට සංචාරයේ ප්‍රධාන අරමුණ වනුයේ මෙරට සෞඛ්‍ය ක්ෂේත්රය තුළ ක්ෂය රෝගය සහ HIV /AIDS රෝගී තත්ත්වයන්ට අදාළව ප්‍රදාන ක්‍රියාත්මක කිරීම සහ ඒ හා සම්බන්ධ ප්‍රගතීන් පිළිබඳව විමසා බැලීමය.
ගෝලීය අරමුදලේ නියෝජිත කණ්ඩායම මෙරට සංචාරයේ අනෙකුත් අරමුණු ලෙස සෞඛ්‍ය තොරතුරු සහ තත්ත්ව වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය (HIQI ව්‍යාපෘතිය) පිළිබඳවත්, කොවිඩ් 19 ප්‍රතිචාර යන්ත්රණයට අදාළ (C19RM) ආයෝජන ක්‍රියාත්මක කිරීම සහ ප්‍රගතිය සාකච්ඡා කිරීමත් දක්වා තිබේ. මීට අමතරව නව රජයේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා හමුවීම, ශ්‍රී ලංකාව තුළ සිටින එම අරමුදලේ සියලුම ප්‍රධාන පාර්ශ්වකරුවන් සහ හවුල්කරුවන් හමුවීමත්, ප්‍රදානයන් සඳහා සිටින පරිත්‍යාගශීලීන් හමුවීමත් වන බව නියෝජිත පිරිස මෙහිදී සෞඛ්‍ය අමාත්‍යවරයාව දැනුම්වත් කරන ලදි.
ගෝලීය අරමුදලේ නියෝජිතයින් ක්ෂය රෝග සහ HIV ප්‍රදාන සඳහා වන සත්වෙනි ප්‍රදාන චක්‍රය (GC7) ක්‍රියාත්මක කිරීම, සෞඛ්‍ය තොරතුරු සහ තත්ත්ව වැඩිදියුණු කිරීම (HIQI ව්‍යාපෘතිය) ක්‍රියාත්මක කිරීම වේගවත් කිරීම, කොවිඩ් 19 ප්‍රතිචාර යන්ත්‍රණය (C19RM) ආයෝජන ක්‍රියාත්මක කිරීම යන ප්‍රධාන ක්ෂේත්‍ර සම්බන්ධව ද මෙහිදී දීර්ඝ ලෙස කරුණු සාකච්ඡා කෙරිණ.
ගෝලීය අරමුදල ශ්‍රී ලංකාව සමඟ දීර්ඝ සහ ඵලදායී සම්බන්ධතාවක් ගොඩනඟා ගනිමින් ආරම්භයේ සිට අද දක්වා HIV/AIDS, ක්ෂය රෝගය සහ මැලේරියාව මර්දනයට එරෙහි සටනට සහාය වෙමින් ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය පද්ධති ශක්තිමත් කිරීම සඳහා අරමුදල් සැපයීම පිළිබඳව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මෙහිදී එම නියෝජිතයින්ට සිය ස්තූතිය පළ කළේය.
ගෝලීය අරමුදල වසර 20 කට අධික කාලයක් ලබා දුන් සහයෝගය අගය කරන බවත්, ඉදිරියටත් එම සහයෝගය අඛණ්ඩව ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බවත් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.
ඒඩ්ස් රෝගය, ක්ෂය රෝගය සහ මැලේරියාවට එරෙහිව සටන් කිරීමට සහ සෞඛ්‍ය පද්ධති ශක්තිමත් කිරීමට සම්පත් ආකර්ෂණය කර ගැනීම, කළමනාකරණය කිරීම සහ බෙදාහැරීම යනාදී අරමුණු ඇතිව 2002 වසරේදී ගෝලීය අරමුදල පිහිටුවන ලදි. මෙම රෝග තුන වැළැක්වීම සහ පාලනය කිරීම සඳහා ගෝලීය අරමුදල මූල්‍ය සම්පත් ලබාදෙන අතර සුදුසුකම්ලත් රටවල සෞඛ්‍ය පද්ධති ශක්තිමත් කරන වැඩසටහන් සඳහා ද සහාය වේ.
මෙම අවස්ථාවට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන, නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් (මහජන සෞඛ්‍ය සේවා1) එස්.එම්. ආර්නෝල්ඩ්, ගෝලීය අරමුදල නියෝජනය කරමින් අරමුදල් කළමනාකාරිණී සිල්වියා මුරේ මහත්මිය (Ms. Sylwia Murray), විශේෂඥ සෞඛ්‍ය නිෂ්පාදන කළමනාකරණය ලක්සන් සිචම්බා (Mr.Luckson Sichamba), රටවල් සඳහා වන ඩිජිටල් සේවා කළමනාකරු රොබට් ක්‍රයර් (Mr. Robert Cryer), දේශීය අරමුදල් සපයන ආයතනය වෙනුවෙන් අධ්යක්ෂ තාක්ෂණ හා මූල්‍ය පරිවර්තන සහ Deloitte ව්‍යාපෘති කළමනාකරු අසංක වාසලතිලක මහතා, ශ්‍රී ලංකාවේ ගෝලීය අරමුදල සඳහා වන දේශීය සම්බන්ධීකරණ යන්ත්රණයේ විධායක ලේකම් සහ අධීක්ෂණ නිලධාරී විශේෂඥ වෛද්‍ය කාන්ති ආරියරත්න යන මහත්ම මහත්මීහු සහභාගී වූහ.
සන්ධ්‍යා කරුණාරත්න