පුහුල්වැල්ල ප්‍රදේශයේ ඉතාමත් ජනප්‍රිය ගුරුතුමියක් වූ ඇය වසර 16කට ආසන්න කාලයක් කිරින්දේ කනිටු විදුහලේ සේවය කළාය. ගුරු සේවයේ සේවා කාලය වසර 34ක් වන ඇය පුහුල්වැල්ල මහා විදුහලේද සේවය කළාය. පොලිස් සේවයේ නිරතව සිටි කේ .ජී විජේරත්න මහතා සමඟ විවාහ වන එතුමිය කිරින්ද පුර්වාරාම පිරිවෙනේ ශ්‍රි සිර්ධාථ දහම් පාසලේ ප්‍රධානාචාර්යවරිය ලෙස දීර්ඝ කාලයක් කටයුතු කළාය. ප්‍රදේශයේ විවිධ සමිති සමාගම් රැසක නිලතල හෙබවූ ඇය මුළු දිවයිනටම සමාදාන විනිසුරුවරියකි. ඇගේ එකම පුතු ෙජනරාල් මුදිත උදයශාන්ත විජේරත්න තිස් අවුරුදු යුද්ධය මැඬලීමට කැපවූ යුද විරුවෙකි.
1930 ජූලි 25 උපන් කුසුමාවතී විදානගම විජේරත්න ගුරුතුමිය අවුරුදු 95ක් ජීවත් විය.
දේහය කිරින්ද පුහුල්වැල්ල ආඩියවත්ත මුදිත නිවසේ තැම්පත් කර ඇත. අවසන් කටයුතු අද (26) සවස හක්මණ ප්‍රාදේශීය සභා ආදාහනාගාරයේදී සිදු කෙරේ.