වෙළෙඳ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ අවධියේ ස.තො.ස ආයතනයේ සේවකයින් ඔවුන්ගේ නිල රාජකාරී වලින් ඉවත් කර දේශපාලන කටයුතුවල යෙදවීම තුළින් රජයට පාඩුවක් සිදු කළේ යැයි චෝදනා කොට හිටපු වෙළඳ අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු තුන්දෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම් විසින් ගොනු කර තිබෙන්න නඩුව කොළඹ මහාධිකරණය හමුවේ අද(26) යළි විභාගයට ගෙන ඇත.
කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා ඉදිරියේ නඩු විභාගය පැවැත්වුණි.
එහිදී පැමිණිල්ල වෙනුවෙන් සාක්ෂි සටහන් කර ගැනීම සිදුවිය.
ඉන් අනතුරුව වැඩිදුර විභාගය ජූනි මස 23වැනිදා දක්වා කල් තැබීමට විනිසුරුවරයා නියම කළේය.
වෙළෙඳ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ අවධියේ සතොස ආයතනයේ සේවකයින් ඔවුන්ගේ නිල රාජකාරී වලින් ඉවත් කර දේශපාලන ක්‍රියාකාරකම්වල යෙදවීම තුළින් රජයට පාඩුවක් සිදු කළේ යැයි චෝදනා කොට අල්ලස් පනත යටතේ හිටපු අමාත්‍ය ජෝන්ස්ටන් ප්‍රනාන්දු , සතොස ආයතනයේ හිටපු සභාපති එරාජ් ප්‍රනාන්දු සහ ඔහුගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකු වන මොහොමඩ් සාකීර් යන අයට එරෙහිව අල්ලස් කොමිසම විසින් මෙම නඩුව ගොනු කර තිබේ.