Home » චීන – රුසියා ප්‍රායෝගික සහයෝගිතා පුළුල් කිරීමට චීනයේ සූදානමක්

චීන – රුසියා ප්‍රායෝගික සහයෝගිතා පුළුල් කිරීමට චීනයේ සූදානමක්

by chanaka
March 26, 2025 10:40 am 0 comment

රුසියාව සමග එක්ව අන්‍යෝන්‍ය සහයෝගයෙන් යුතුව දෙරට අතර ප්‍රායෝගික සහයෝගිතා පුළුල් කිරීමට චීනය සූදානම් වෙයි. එසේ ම, සැබෑ බහුපාර්ශ්වවාදයට අනුගතව ජාත්‍යන්තර ක්‍රමවේදය යුක්ති සහගත දිශානතිය වෙත රැගෙන යාම ද චීනයේ අපේක්ෂාවයි.

චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටු සභාපති Zhao Leji ඊයේ(25) බෙයිජිං හිදී රුසියානු ෆෙඩරල් සභාවේ පහළ මන්ත්‍රී මණ්ඩලයේ(State Duma) උප සභාපති Alexander Mikhailovich Babakov හමුවූ අවස්ථාවේ දී මේ බව පැවසීය.

චීන ජනාධිපති ෂී ජින්පිං සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් ගේ නායකත්වය යටතේ නව යුගයේ චීන – රුසියා පූර්ණ උපායමාර්ගික හවුල්කාරීත්වය අඛණ්ඩ ව ඉදිරියට ගෙන ගොස් ඇති බව Zhao Leji සඳහන් කළේය.

චීන ජාතික මහජන කොංග්‍රසය සමග එක්ව හුවමාරු හා සහයෝගිතා තහවුරු කරමින් දෙරට සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා නීති සම්පාදනය කිරීමේ ආයතනය වශයෙන් රුසියානු ෆෙඩරල් සභාවේ පහළ මන්ත්‍රී මණ්ඩලය දායක වනු ඇති බව Alexander Babakov මෙම හමුවේදී කියා සිටියේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT