Home » ඉන්දියාවේ දළ දේශීය නිෂ්පාදිතය දශකයක් තුළ දෙගුණයකින් ඉහළට

ඉන්දියාවේ දළ දේශීය නිෂ්පාදිතය දශකයක් තුළ දෙගුණයකින් ඉහළට

-IMF වාර්තාවකින් කියයි

by sachintha
March 26, 2025 4:07 pm 0 comment

ඉන්දියාවේ දළ දේශීය නිෂ්පාදිතය වසර 10ක් ඇතුළත 105% කින් ඉහළ ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. වසර 2015දී අමෙරිකානු ඩොලර් ට්‍රිලියන 2.1ක්ව තිබූ එරට දළ දේශීය නිෂ්පාදිතය මේ වසර වන විට ඩොලර් ට්‍රිලියන 4.3ක දක්වා ඉහළ යෑමෙන් දශකයක කාලය තුළ දෙගුණයකින් වර්ධනය වී ඇතැයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ උද්ධමන සැකසුම් දත්ත සංඛ්‍යාලේඛන වාර්තාවට අනුව ඉන්දියාව අත්කරගනු ලැබූ දළ දේශීය නිෂ්පාදිත ප්‍රගතිය හේතුවෙන් පසුගිය ජනවාරියේදී ලොව විශාලතම ආර්ථිකයට හිමිකම් කියන රටවල් 5 අතරින් ජපානය අබිබවා යෑමට සමත්වී ඇති බවත්, වසර 2027 වන විට එම රටවල් අතර තුන්වැනි ස්ථානයේ පසුවන ජර්මනිය අබිබවා යනු ඇතැයි අනාවැකි පළවී ඇති බවත් විදෙස් මාධ්‍ය සඳහන් කරයි. එම ලැයිස්තුවට අනුව අමෙරිකාව තවදුරටත් ලොව විශාලතම ආර්ථිකයට හිමිකම් කියන රට බවට පත්වී ඇති අතර, චීනය එහි දෙවැනි ස්ථානයේ පසුවෙයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT