හමාස් සංවිධානය සමඟ ඇතිකරගත් සටන් විරාම ගිවිසුම නිමාවට පත්වීමෙන් පසු ගත වූ සතියක කාලය ඇතුළත ගාසා තීරයේ දරුවන් 270කට වැඩි පිරිසක් ඊශ්‍රායල ප්‍රහාරවලින් ජීවිතක්ෂයට පත්වූ බව සේව් ද චිල්ඩ්රන්‘ සංවිධානය ප්‍රකාශ කර ඇතැයි අල් ජසීරා පුවත් සේවය වාර්තා කළේය. ගාසා යුද්ධය ආරම්භ වීමෙන් පසු ඊශ්‍රායල ප්‍රහාරවලින් දින කිහිපයක් ඇතුළත දරුවන් විශාල ප්‍රමාණයක් මිය ගිය පළමු අවස්ථාව මෙය බව ද වාර්තා වේ.
ඊයේ වන විට ඊශ්‍රායල හමුදාව අඛණ්ඩව අටවැනි දිනයටත් ගාසා තීරයට ප්‍රහාර එල්ල කළ බවත්, ඊයේ එල්ල කළ ප්‍රහාරයෙන් දරුවන් 7 දෙනකු ඇතුළුව පුද්ගලයන් 23 දෙනකු ජීවිතක්ෂයට පත්වූ බවත් අල් ජසීරා පුවත් සේවය වැඩිදුරටත් වාර්තා කළේය.
ගාසා යුද්ධය ආරම්භ වීමෙන් පසු මේ දක්වා මිය ගිය පලස්තීනුවන්ගේ සංඛ්‍යාව පනස්දහස ඉක්මවා ඇතැයි ද, තුවාල ලැබූ සංඛ්‍යාව 1,13,704ක් වන බව ද ගාසා තීරයේ සෞඛ්‍ය අමාත්‍යාංශය තහවුරු කර ඇතැයි ද අල් ජසීරා පුවත් සේවය සඳහන් කළේය. ඊයේ වන විට ගාසා රාජ්‍ය මාධ්‍ය සඳහන් කර ඇත්තේ මේ දක්වා මිය ගිය සංඛ්‍යාව 61,700ක් වන බවය. මීට අමතරව තවත් දහස් සංඛ්‍යාත පලස්තීනුවන් ප්‍රමාණයක් කඩා වැටුණු ගොඩනැඟිලි සුන්බුන් අතර අතුරුදන්වී ඇතැයි ද වාර්තා වේ.