Home » නවසීලන්තයේ දකුණු කලාපයේ 6.7ක භූකම්පනයක්

නවසීලන්තයේ දකුණු කලාපයේ 6.7ක භූකම්පනයක්

by sachintha
March 26, 2025 4:02 pm 0 comment

නවසීලන්තයේ දකුණෙන් පිහිටි සවුත්ලන්ඩ් සහ ෆියෝර්ලන්ඩ් කලාප ආශ්‍රිත මුහුදු තීරයේ රිච්ටර් මාපකයේ 6.7ක ප්‍රබල භූකම්පනයක් සිදුවූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. භූකම්පනයේ ප්‍රබලත්වය හේතුවෙන් මුහුදු තීරයෙන් ඉවත්වන ලෙස එම කලාපයේ ජනතාවට නවසීලන්තයේ දකුණු දූපත් බලධාරින් අනතුරු අඟවා ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි. භූ කම්පනයත් සමඟ දකුණු දූපත් මුහුද අසාමාන්‍ය තත්ත්වයක් පෙන්නුම් කර ඇතැයි ද, එය අනතුරුදායක වනු ඇතැයි ද එරට හදිසි ආපදා කළමනාකරණ ඒජන්සිය ප්‍රකාශ කළ බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

එම කලාපයේ මුහුදු තීරයේ යාත්‍රා කරන සියලු බෝට්ටු සහ යාත්‍රාවලින් ඉවත් වන ලෙස ජනතාවට දැනුම් දී ඇති බවත්, බලධාරීන්ගේ උපදෙස් ලැබෙනතුරු නැවත මුහුදු තීරයට නොයන ලෙසත් එම ඒජන්සිය වැඩිදුරටත් දැනුම් දුන් බව වාර්තා වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT