Home » සාර්ථකත්වයේ මඟ

සාර්ථකත්වයේ මඟ

by sachintha
March 26, 2025 4:32 pm 0 comment

පඨවි, ආපෝ, තේජෝ, වායෝ, ආකාශ යන පංච මහා භූත ශක්තීන්ට අනුගත වූ අපි ආපෝ, තේජෝ, වායෝ යන ශක්ති කලාපයන් මඟින් නිර්මාණය වී ඇති ස්වභාව දහම තුළ ජීවත් වන මන උස් වූ ප්‍රජාව මනුස්ස ප්‍රජාව ලෙස හඳුන්වනු ලබයි. එම ප්‍රජාවගේ සාර්ථකත්වයට අනෙකුත් බාහිර පාරිසරික සාධකයන් ඉමහත් පිටිවහලක් වනු ඇත. එහෙත්, ඔබගේ ජීවිත කතාව ආශිර්වාදාත්මකව සාර්ථකත්වයට පත්කර ගැනීමට ඔබට පුළුවන.

ඔබට එම උතුම් ආශිර්වාද ලබා ගැනීමට නම් ඔබ සොබාදහම තුළ පවතින උතුම් වූ ශක්ති කලාපයන් පරිහරණය කිරීම සහ භාවිතාවෙන් සම්බන්ධ වී ඇත. දැනුම් පද්ධතියෙන් හැම මොහොතකම විශ්වීය ආශිර්වාද බලාපොරොත්තුවෙන් සිටින්නා වූ ඔබගේ උතුම් හිස වෙත ළඟා කර ගැනීමේ චිත්ත රූප විද්‍යාවන් පිළිබඳ අවබෝධය ලබා ගත යුතුය.

පෙරදිග මෙන්ම අපරදිග රාජ්‍යයන්හි ද මේ චිත්ත ආකර්ෂණීය චිත්ත රූප විද්‍යාවන් පිළිබඳ පර්යේෂණ අදටත් සිදුවෙමින් පවතියි.

ඉතා ඉහළ භෞතික තාක්ෂණයක් පවතින ජර්මනිය වැනි රටවල මේ මොහොත වන විටත් ජලය තුළ ගැබ්ව ඇති විශේෂ ශක්ති කලාපයන් පවා වෙන්කර හඳුනා ගැනීමේ යන්ත්‍රෝපකරණ පවා සකසා අවසන්. පෘථිවි ගෝලය තුළ පවතින හතරෙන් තුනකටත් වඩා වැඩි වූ ජල සාන්ද්‍රණය 70%ක ප්‍රමාණයකින් සෑම පුද්ගල ජීවිතයක් තුළම අන්තර්ගත වී ඇත. වඩාම විශ්වීය විශ්වශක්ති පුද්ගල ජීවිතයේ සාර්ථක කර ගැනුම පිණිස කළමනාකරණය විය යුතු ආකාරයන් පිළිබඳ ශ්‍රී ලාංකේය ජන ප්‍රජාව අවදි කරලීමේ උතුම් චිත්ත රූප විද්‍යාව, සටහන් ප්‍රායෝගික භාවිතාව සහ නැවත නැවතත් භාවිතාව සඳහාම අවශ්‍ය වන්නා වූ නිවැරදි වූ මාර්ගෝපදේශන ලිපි මාලාවක් හරහා එම දැනුම ජනගත කිරීම මෙහි අරමුණයි. ඉදිරි සතියේ සිට ලිපි පෙළකින් අපි ඒ මඟට පිවිසෙමු.

පාණදුරේ දිසානාත් පීරිස්

පාරම්පරික ජ්‍යෙතිෂ,

විශ්ව තොරතුරු උපදේශක

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT