Home » අර්ධ සූර්යග්‍රහණය සහ සෙනසුරු මාරුව

අර්ධ සූර්යග්‍රහණය සහ සෙනසුරු මාරුව

by sachintha
March 26, 2025 4:32 pm 0 comment

 

වසර ගණනාවකට පසුව එකම දිනයක සෙනසුරු ග්‍රහයාගේ මාරුවක් මෙන්ම අර්ධ සූර්යග්‍රහණයක් සිදු වෙයි. මෙය ජනතාවට, රටට කෙසේ බලපනු ලබයිද යන්න පිළිබඳ ප්‍රවීණ ජ්‍යොතිර්වේදී පාරින්ද්‍ර සුගතදාස මහතා දක්වන අදහස් මෙසේය.

‘ඉතාමත්ම සුවිශේෂී ග්‍රහ මාරුවක් මාර්තු 29 වැනිදා සිදු වේ. එදින රාත්‍රී 9.41ට ශනි ග්‍රහයා මීන රාශිය හරහා ගෝචර වෙයි. මේ ආකාරයට මීන රාශිය හරහා ප්‍රවේශ වෙන ශනි ග්‍රහයා 2028 පෙබරවාරි 28 දක්වාම මීන රාශිය තුළ ප්‍රවේශ වන ආකාරය දක්නට ලැබෙයි. එහිදී විශේෂයෙන්ම ආරම්භක පියවරක් ලෙස ශනි ග්‍රහයා 2025 මාර්තු 29 වැනි දින මීන රාශිය කරා පිවිසේ. විශේෂයෙන්ම ශනි ග්‍රහයා ජූලි 13 වැනි දින වක්‍ර චලිතයක් කරා ප්‍රවේශ වේ. නැවතත් 2025 නොවැම්බර් 25 විවෘත චලිතයක් කරා පිවිසේ. 2026 ජූලි 27 නැවතත් වක්‍ර චලිතයක් කරා පිවිසේ. 2027 ජූලි 03 ශනි ග්‍රහයා මේෂ රාශිය කරා ගමන් කරයි. නැවතත් 2027 ඔක්තෝබර් 21 වැනි දින ශනි ග්‍රහයා මීන රාශිය කරා ප්‍රවේශ වීමත් කැපී පෙනෙන්නකි. අවසානයේ 2028 පෙබරවාරි 28 වැනි දින නැවත වතාවක් ශනි ග්‍රහයා මීන රාශියෙන් ඉවත්ව යන ආකාරයක් දක්නට ලැබේ. ඒ අනුව මේ ශනි ග්‍රහ මාරුව සෑම ලග්න හිමියෙකුටම ඉතාමත් තීරණාත්මක වේ.

මෙහිදී කටක, සිංහ, මීන, කුම්භ ආදී ලග්න විශේෂිතය. එහෙත් මේ ලග්න හිමියන් 2025 මේ ග්‍රහ මාරුවට සතියකට කලින් යෙදෙන කාලය තුළ ඉතා ප්‍රවේසම් විය යුතුය. එසේම ග්‍රහ මාරුව යෙදෙන දින වඩාත් ප්‍රවේසම් විය යුතුය.

තවද මකර හා මේෂ ලග්න හිමියන් සාමාන්‍ය දුරකට ග්‍රහ මාරුවට සතියකට පෙරදී ප්‍රවේසම් වීමත් අවශ්‍යය. ඊට අමතරව සියලු පුද්ගලයන් මේ ප්‍රබල ග්‍රහ මාරුව හේතු කොටගෙන ප්‍රවේසම් විය යුතු බව ද සඳහන් කළ හැකිය.

නිසංසලා කොට්ටගස්වත්ත

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT