189
වැඩ තහනමකට ලක්වී බන්ධනාගාරගත කර සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ධූරයෙන් ඉවත් කිරීමේ යෝජනාව අප්‍රේල් 8 වනදා හෝ 9වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කරන බව කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස ප්‍රකාශ කළේය.
ඒ අද (26) කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවැසීය.