Home » වන්දම-දෙමලිය යෝජිත රක්ෂිතයේ ඉඩම් පැවරීම තාවකාලිකව නතර කෙරේ

වන්දම-දෙමලිය යෝජිත රක්ෂිතයේ ඉඩම් පැවරීම තාවකාලිකව නතර කෙරේ

by chanaka
March 26, 2025 12:38 pm 0 comment

මොනරාගල දිස්ත්‍රික්කයේ බුත්තල හා වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල ව්‍යාප්ත වන්දම – දෙමලිය රක්ෂිතය යනු ස්වභාවික පරිසර පද්ධතියේ ආරක්ෂාවට සහ වායුගෝලීයේ ගුණාත්මක බව රඳා පවත්නා භූමියකි.

මෙම රක්ෂිතයේ ඉඩම් පුද්ගලයන්ට හෝ ආයතන වෙත ලබා දීමේ ගැටලු පවතින බවට වාර්තා වී ඇති හෙයින් වන්දම -දෙමලිය යෝජිත රක්ෂිතයේ ඉඩම් පැවරීම තාවකාලිකව නවතා දැමීමට පරිසර අමාත්‍යංශය සහ වනසංරක්ෂණ දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

මෙම ඉඩම් ලබාදීමේ ක්‍රියාවලිය නවතාදැමීමෙන් අගතියට පත්වන යම් පාර්ශවයක් සිටී නම් එම ඉඩම්වල නීත්‍යානුකූල තත්වය තහවුරු කරන ලෙස වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්තුමා වෙත දන්වා තිබේ.

ස්වභාවික වන සම්පත් සුරැකීමට සහ තිරසර පරිසර පද්ධතියක් මතු අනාගතය සඳහා දායාද කිරීම සඳහා මෙවැනි ක්‍රියාමාර්ග ලබා ගැනීම පොහොසත් රටක් ලස්සන ජීවිතයක් තැනීම උදෙසා අවශ්‍ය වනු ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT