Home » නුවරඑළිය තැපැල් කන්තෝරුව ගැන රජයේ සැලසුම

නුවරඑළිය තැපැල් කන්තෝරුව ගැන රජයේ සැලසුම

by chanaka
March 26, 2025 12:24 pm 0 comment

තැපැල් සේවා පවත්වාගෙන යන අතරතුර නුවරඑළිය තැපැල් කාර්යාලය සංචාරක කර්මාන්තයට අවශ්‍ය ලෙස සංවර්ධනය කිරීමට රජය සැලසුම් කර ඇති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (26) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

නුවරඑළිය තැපැල් කාර්යාලය තැපැල් දෙපාර්තමේන්තුවේ කටයුතුවලින් ඉවත් කර විකිණීමට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මින් පෙර සැලසුම් කර තිබුණි.

මේ වෙනුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් ද විභාග වෙමින් පවතින බවත්, අදාළ නිසි ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීමට සංචාරක මණ්ඩලයේ ද තාක්ෂණික සහාය ලබා ගනිමින් ඉදිරියේ දී කටයුතු කිරීමට රජය බලාපොරොත්තු වන බව අධිකරණයට දැනුම්දීම සිදු කරන බවත් කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.

මෙම ක්‍රියාවලිය සඳහා නාගරික සංවර්ධන අධිකාරියේ මෙන් ම ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවේ ද පූර්ණ සහයෝගය ලබා ගැනීමට ද රජය බලාපොරොත්තු වන බවද නලින්ද ජයතිස්ස මහතා සඳහන් කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT