Home » ඖෂධ සඳහා උපරිම සිල්ලර මිලක්

ඖෂධ සඳහා උපරිම සිල්ලර මිලක්

by yasara
March 26, 2025 10:12 am 0 comment

ඖෂධ සඳහා උපරිම සිල්ලර මිල යාන්ත්‍රණයක් නියාමනය කිරීම සඳහා අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා විසින් අදාළ ගැසට් නිකුත් කර ඇත.

ඖෂධ නියාමන අධිකාරියට වසරකට දෙවතාවක් මෙලෙස උපරිම මිල සංශෝධනයක් සිදුකිරීමට අවසරය හිමිවන අතර, ඩොලරයේ අගය උච්ඡාවචනය වුවහොත් මහජන සුබ සිද්ධිය උදෙසා ඕනෑම මොහොතක මෙම උපරිම මිල ගණන් වෙනස් කිරීමට ද ඔවුනට නීතිමය බලය හිමිව තිබේ.

 

gazette

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT