ලොකු නැන්දාගෙ රඟපෑම තුළ මම දැකපු සුවිශේෂීම සංකල්පය තමයි අවංකත්වය. ඇයට තිබුණා ඉතාම අවංක භාව ප්‍රකාශනයක්. ඇය කිසිම රාමුවකට සීමා නොවී තමාට ලැබෙන චරිත අවංකව ගොඩ නැඟුවා. ඒ වකවානුවේ අතිශය පුරුෂ මූලික කර්මාන්තයක ඇය ඇගේ ස්ත්‍රීමය සලකුණ තබන්නෙ අන්න ඒ තැනයි. ඇයගේ අවංකත්වය ඇගේ ජීවිතය පුරාම ඇය ජීවත් වූ විලාසය පුරාම මම දකිනවා. ආදරයේදී වගේම දේශපාලනයේදීත් ඇය අවංකයි. මම නැන්දා එක්ක පරස්පර දේශපාලන මතයන් දැරුවත්, කොපමණ විවේචනයන් තිබ්බත් ඇය විස්වාස කළ දේශපාලන මොහොත තුළ ඇය ඉතාම අවංකව ජීවත් වෙනවා. පෙම්වතියක් ලෙසත් ඇයට අවශ්‍ය වුණේ ආදරයම තුළින් ඉතිහාසගත ජීවිත ගොඩනැංවීමටයි. ඇය හැමදාම අනෙකාව බලාගන්න, සෙනෙහස පුදන්න අවංකවම තම කාලය, ශ්‍රමය සහ ආදරය දුන් කෙනෙක්.
1965 – හොඳම වේදිකා නාට්‍ය නිළිය -වේදිකා නාට්‍යය: “අකල් වැස්ස”
(ශ්‍රී ලංකා කලා මණ්ඩලය)
1968 – ජනප්‍රියම සහය නිළිය-චිත්‍රපටය: “පුංචි බබා”-(ශ්‍රී ලංකා ගුවන් විදුලි සේවය)
1972 – හොඳම නිළිය -චිත්‍රපටය: “නිධානය”-(ශ්‍රී ලංකා විචාරක සංගමය)
1972 – ජනප්‍රියම නිළිය සඳහා දීපශිකා සම්මානය – (දීපශිකා ස්වර්ණ ජයන්ති සම්මාන උළෙල)
1973 – ජනප්‍රියම නිළිය – දීපශිකා සම්මානය – (දීපශිකා ස්වර්ණ ජයන්ති සම්මාන උළෙල)
1975 – ගෞරව: සිනමා රංගනය සඳහා ඩිප්ලෝමාව-චිත්‍රපටය: “එයා දෙන් ලොකු” “ළමයෙක්”
( 9 වන ජාත්‍යන්තර මොස්කව් සිනමා උළෙල)
චිත්‍රපට නිෂ්පාදකයින්ගේ සංගමය, ඇගයීමේ සම්මානය ( කොළඹ කලා කවය)
1976-සම්මානය: ජනප්‍රියම නිළි- චිත්‍රපටය: “සුසි”-(සරසවි – ලේක් හවුස්)
1977 – ගෞරව ඩිප්ලෝමාව-චිත්‍රපටය: “සිරිපාල සහ රන්මැණිකා”
( 6 වන නවදිල්ලි ජාත්‍යන්තර සිනමා උළෙල)
OCIC කුසලතා සම්මානය -චිත්‍රපටය: “එයා දෙන් ලොකු ලමයෙක්”. “සිරිපාල සහ රන්මැණිකා” සහ දෙවියන්‍යානි ඔබ කොහේද””රන්පියුම ඇගයීමේ සම්මානය”- ( කොළඹ කලා කවය)
1978- : හොඳම නිළිය – ජනාධිපති සම්මානය-චිත්‍රපටය: “බඹරු ඇවිත්” ( ශ්‍රී ලංකා චිත්‍රපට සහයෝගීතාවය)
1979 – හොඳම නිළිය සම්මානය – චිත්‍රපටය: “වසන්තයේ දවසක්”( ශ්‍රී ලංකා චිත්‍රපට සහයෝගීතාවය)
– හොඳම නිළිය සම්මානය- චිත්‍රපටය: “හිඟන කොල්ලා”(සරසවි-චිත්‍රපට උළෙල)
වසරේ ජනප්‍රියම නිළිය – (සරසවිය චිත්‍රපට උළෙල)
1980 – OCIC ඇගයීමේ සම්මානය- චිත්‍රපටය: “දඬුමොණර” (OCIC)
ජනප්‍රියම නිළිය – ( සරසවිය සිනමා උළෙල)
ශ්‍රී ලංකාවේ දක්ෂතම කාන්තාව සඳහා හොඳම දස සම්මානය(ශ්‍රී ලංකා ජේ සීස්)
1981 – හොඳම නිළිය ජනාධිපති සම්මානය- චිත්‍රපටිය: ආරාධනා-( ජාතික චිත්‍රපට සහයෝගිතාව)
හොඳම නිළිය – චිත්‍රපටිය: ආරාධනා – සරසවිය සම්මානය-(සරසවි-ලේක්හවුස්)
OCIC ඇගයීම් සම්මානය -චිත්‍රපටිය: “බැද්දේගම”, “ඉන්දුට මල් මිටක්” සහ “සොල්දාදු උන්නැහේ”.
( OCIC) ජනප්‍රියම නිළිය – ( සරසවිය සිනමා උළෙල) , හොඳම නිළිය ජනාධිපති සම්මානය
1982 – හොඳම නිළිය -චිත්‍රපටය: “යස ඉසුරු”(සරසවිය සිනමා උළෙල)
ජනප්‍රියම නිළිය – (සරසවිය සිනමා උළෙල)
1983 – ජනප්‍රියම නිළිය – (සරසවිය සිනමා උළෙල)
1985 – මිලියන 5 ක ආදායම ඉක්මවා ගිය චිත්‍රපට සඳහා විශේෂ සම්මානයක්- චිත්‍රපටය: “සසර චේතනා”.
( ශ්‍රී ලංකා චිත්‍රපට සහයෝගීතාව), රණතිසර සම්මානය ( සරසවිය චිත්‍රපට උළෙල)
කලාසූරි සම්මානය – ජනාධිපති සම්මාන උළෙල)
1989 – තම ක්ෂේත්‍රයේ වඩාත්ම සාර්ථක කාන්තාව සඳහා වන සොන්ටා සම්මානය – (සොන්ටා ජාත්‍යන්තර සංවිධානය)
1991 – විශේෂ රන් පදක්කමක් – ශ්‍රී ලංකා සිනමා කලාකරුවන්ගේ සංගමය- (මෙම පදක්කම මාලනී ෆොන්සේකා මහත්මිය විසින් පිළිගනු ලැබුවේ නැත)
1992 – වසරේ ජනප්‍රියම කාන්තාව (සිනමා අංශය)-(වනිතා විත්ති සම්මාන උළෙල)
1996 – “විශ්ව ප්‍රසාදිනී ඇගයීමේ සම්මානය”- මාලිනී ෆොන්සේකා මිය සිනමා කර්මාන්තයට කළ සේවය වෙනුවෙන් ජනාධිපතිවරයාගෙන් විශේෂ සම්මානය- (ජනාධිපති සම්මාන උළෙල)
1997 – ශ්‍රී ලංකාවේ චිත්‍රපට කර්මාන්තයට කළ විශිෂ්ට සේවය වෙනුවෙන් “සත් පියුම් ප්‍රසිදිනි” සම්මානය-(ආර්ට් ලංකා පදනම), හොඳම නිළිය -ටෙලි නාට්‍යය: “පිටගම්කාරයෝ” ( සුමති ටෙලි සම්මාන උළෙල1998), 76 වන ජාත්‍යන්තර සමුපකාර දිනය සැමරීම සඳහා ඇගයීමේ සම්මානය -(කැලණිය සමුපකාර සංගමය)
1999 – සහස්‍රයක අවසානය සඳහා ඇගයීම(ඉදිරිපත් කරන ලද්දේ: ලක් හඬ විකාශන සේවය සහ නිදහස් රූපවාහිනී ජාලය විසින් ඉදිරිපත් කරන ලදී.)
2000 – හොඳම නිළිය – ටෙලි නාට්‍යය: “කෙම්මුර”(සුමති ටෙලි සම්මාන උළෙල), යූ ඩබ්ලිව් සුමතිපාල අනුස්මරණ සම්මානය (සුමති ටෙලි සම්මාන උළෙල)
2002 – ශ්‍රී ලංකා සිනමාවේ වසර 40 ක දායකත්වය වෙනුවෙන් ඇගයීමේ සම්මානය-( කොළඹ විශ්ව විද්‍යාලය)
2003 – ශ්‍රී ලංකා සිනමාවට වසර 40 ක දායකත්වය වෙනුවෙන් ඇගයීමේ සම්මානය – (ගුරුකුල විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමය)
කවර නිර්මාණය
ගන්දික ධර්මබන්දු
පිටු සැකසුම
දීපාල් සංජීව සරත්මදු