ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අනුග්‍රහය ඇතිව සංවිධාන කරන අවුරුදු 13 න් පහළ තෙවැනි කොටසේ අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද (25) බණ්ඩාරගම මහජන ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
එහිදී හේෂර තෙව්මිණගේ නායකත්වයෙන් යුත් නුගේගොඩ සාන්ත ජෝසප් විදුහල සමඟින් තිහංස අබේවික්‍රමගේ නායකත්වයෙන් යුත් හුංගම විජයබා ජාතික පාසල තරග වදියි.
අවසන් පූර්ව වටයේදී මහනුවර ධර්මරාජ (සී) පිල පරදවමින් සාන්ත ජෝසප් විදුහලත්, හපුගල මවුන්ට් කැල්වරි උසස් පාසල පරදවමින් හුංගම විජයබා ජාතික පාසල මේ තරගයට සුදුසුකම් ලැබීය.
නුගේගොඩ සා. ජෝසප් සංචිතය: හේෂර තෙව්මිණ (නායක), එවින් ප්‍රියදර්ශන (උප නායක), ඩිහස් මෙත්සඳ, යෂිත් සුහස්න, රමින්ද කොතලාවල, රනුද සවේන්, අෂාර් බෙන්ජමින්, සවිතු අතුකෝරල, බිතුම් ප්‍රනාන්දු, නොමින් යන්සිළු, වෙතුජ පත්බේරිය, මෙතුම් දිල්නෙත්, මොහොමඩ් ආදිල්, නෙතුම් නෙත්සර, ඔමෙත් කේනුක, දුලේන් සේදස්, වගීෂ ගිම්හාන, සසේන් චේනිත, සෙහස් දිනිත, දුලින සඳුවර, බිතිම් පෙරේරා, ප්‍රමිඳු ප්‍රනාන්දු (කණ්ඩායම් භාර ආචාර්ය), විරෝශන අල්විස් (ප්‍රධාන පුහුණුකරු), දියත් ප්‍රනාන්දු (සහාය පුහුණුකරු).
හුංගම විජයබා ජාතික පාසල් සංචිතය: තිහංස අබේවික්‍රම (නායක), සදෙව් ජයසූරිය (උප නායක), සිතුජ චමත්සර, සෙනෝද් සදෙව්, විශ්ව දින්සර, ඉමසර මාබරණ, ඔමිරු ගිම්හාන්, පවිඳු කේෂාන්, ලවිඳු දිම්සර, දිංහස් සදීෂ්ම, සෙනුජ දිනුසර, සමල්ක දෙව්මින්, හෙසඳු දිනෙත්, සෙනෙහස් සෞභාග්‍ය, රනිතු නෙම්සර, විනුජ සත්මිත, දිනිෂ් අදීෂ, ෂෙහන්ක සත්සර, අමිල පද්මලාල් (කණ්ඩායම් භාර ආචාර්ය), අමිල සම්පත් (කණ්ඩායම් භාර ආචාර්ය), හෂාන් තරින්ද (පුහුණුකරු).
ඉෂානි යද්දෙහි