නුවරඑළිය දිස්ත්‍රික් ක්‍රිකට් සංගමය විසින් තෙවැනි වරට සංවිධාන කරන රේහා ස්ටීල් නුවරඑළිය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය අද (25) රදැල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වෙයි.
සීමාසහිත රෙහා ස්ටීල් (පෞද්ගලික) සමාගමේ අනුග්‍රහය ඇතිව සංවිධාන කරන මේ තරගාවලියේදී නුවරඑළිය දිස්ත්‍රික්කය තුළ විසිරී සිටින අන්තර් සමාජ මට්ටමේ දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයින් සහ දිස්ත්‍රික්කයේ දක්ෂතම පාසල් ක්‍රිකට් ක්‍රීඩකයන්ගෙන් සැදුම්ලත් කණ්ඩායම් 5ක් තරග බිමට පිවිසෙයි. පළමු වටයේ තරග මේ 29 වැනිදා දක්වා පැවැත්වෙන අතර, අවසන් මහා තරගය ලබන මස 11 දින පැවැත්වීමට සැලසුම් කර තිබේ.
යුනිට්‍රේල් කොත්මලේ, නුවරඑළිය ග්ලැඩියේටර්ස්, මස්කෙළිය ඩ්‍රීමර්ස් සහ තෙම්පරාදු රෝයල්ස් වලපනේ යන කණ්ඩායම් අන්තර් සමාජ මට්ටමේ දක්ෂතා දැක්වූ ක්‍රීඩකයන්ගෙන් සමන්විත වන අතර, ත්‍රී ලයිට්ස් ඩීසී XI කණ්ඩායම නුවරඑළිය දිස්ත්‍රික්කයේ අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරයි.
තරගාවලියේ කුසලානය සහ කණ්ඩායම් නිල ඇඳුම් එළිදැක්වීම පසුගියදා නුවරඑළිය දිස්ත්‍රික් ක්‍රිකට් සංගමයේ සභාපති ජගත් ජයසුන්දර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. එම අවස්ථාවට නුවරඑළිය දිස්ත්‍රික් ක්‍රිකට් සංගමයේ නිලධාරින්, තරගාවලියට එක්වන කණ්ඩායම් සමාජිකයන්, හැටන් මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක රංජිත් ජයසේන මහතා ඇතුළු පිරිසක් සහභාගි වූහ.
හැටන් රංජිත් රාජපක්ෂ