Wednesday, March 26, 2025
Home » අයිපීඑල් ඉතිහාසයේ දුර්වලම පන්දු යැවීම ආචර්ගෙන්

අයිපීඑල් ඉතිහාසයේ දුර්වලම පන්දු යැවීම ආචර්ගෙන්

by sachintha
March 25, 2025 10:50 am 0 comment

අයිපීඑල් තරග ඉතිහාසයේ ඉනිමකදී වැඩිම ප්‍රහාරයට ලක් වූ පන්දු යවන්නාගේ ලජ්ජාශීලී වාර්තාව එංගලන්ත ක්‍රීඩක ජොෆ්රා ආචර් හිමිකර දීමට සන්රයිසස් හයිද්‍රබාද් පිතිකරුවෝ පෙරේදා සමත් වූහ.

රාජස්තාන් රෝයල්ස් කණ්ඩායම නියෝජනය කරන ආචර්ගේ ඕවර 4න් හයිද්‍රබාද් පිතිකරුවන් ලකුණු 76ක් උදුරා ගත්තේ ඔහුට කිසිදු කඩුල්ලක් ලබා නොදෙමිනි. මීට පෙර එම වාර්තාවට හිමිකම් කියනු ලැබුවේ රෝහිත් ෂර්මා විසිනි. ඔහු ගුජරාට් ටයිටන්ස් පිල නියෝජනය කරමින් පසුගිය වසරේ තරගාවලියේදී දිල්ලි කැපිටල්ස් පිතිකරුවන් හමුවේ ලකුණු 73ක් ලබා දුන්නේය.

සන්රයිසස් හයිද්‍රබාද් පිතිකරුවන් ආචර්ගේ පන්දු හමුවේ හතරේ පහර 10ක් සහ හයේ පහර 4ක් එල්ල කළ අතර, ඔහු වයිඩ් පන්දු දෙකක් සහ නිපන්දුවක් ද යොමු කර තිබිණි. ඒ අනුව එම තරගයේදී ආචර් පන්දු 27ක් යවා තිබූ අතර, ලකුණු ලබා නොදුන් කිසිදු පන්දුවක් ඒ අතර නොවීය. 29 හැවිරිදි මේ දකුණත් වේගපන්දු යවන්නා පසුගියදා පාකිස්තානයේ පැවැති ශූරයන්ගේ කුසලාන එක්දින තරගාවලියේදී ද අසාර්ථක පන්දු යවන්නකු බවට පත්වී සිටි අතර, එම තරගාවලියේ ඔහුගේ පන්දු යැවීමේ වාර්තාව සටහන් වූයේ ඔස්ට්‍රේලියාව සමඟ පැවැති තරගයේදී ලකුණු 82කට එක් කඩුල්ලක්, ඇෆ්ගනිස්තානයට එරෙහිව ලකුණු 64කට කඩුලු 3ක් සහ දකුණු අප්‍රිකාවට එරෙහිව ලකුණු 55කට කඩුලු 2ක් වශයෙනි.

ෆවුස් මොහොමඩ්

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT