Home » හදිසි හෘදයාබාධයකින් ටමීම් ඉක්බාල් රෝහල්ගත කරයි

හදිසි හෘදයාබාධයකින් ටමීම් ඉක්බාල් රෝහල්ගත කරයි

by sachintha
March 25, 2025 4:01 pm 0 comment

බංග්ලාදේශ ක්‍රිකට් පිලේ හිටපු නායක ටමීම් ඉක්බාල් හදිසි හෘදයාබාධයකට ලක්වීම හේතුවෙන් රෝහල්ගත කළ බව වාර්තා වේ. ඔහු ඊයේ උදෑසන ඩකා නුවර පැවති ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගයක් අතරතුරදී හෘදයාබාධයට ලක්වූ බවත්, එන්ජියෝප්ලාස්ටි පරීක්ෂණයකට මුහුණ දුන් බවත් වාර්තා වේ. ඔහුගේ හෘද වස්තුවේ ධමනි අවහිරතාවක් සිදුවී ඇතැයි එහිදී තහවුරු වී තිබේ.

ඩකා ප්‍රිමියර් ලීග් තරගාවලියේදී මොහොම්මඩන් ක්‍රීඩා සමාජයේ නායකත්වය දරන ටමීම් ඉක්බාල් හෘදයාබාධයට ලක්වූයේ ශිනේපුකුර් ක්‍රිකට් සමාජයට එරෙහිව පැවැති තරගය අතරතුරදීය. පළමුව පන්දුවට පහරදෙමින් සිටි ප්‍රතිවාදී පිලේ පළමු ඕවරය අවසානයේ ඔහු පිටියෙන් ඉවත්වූ අතර, පසුව වෛද්‍යවරයකු හමුවීමට සිය මෝටර් රථයෙන්ම ඒ අසල පිහිටි රෝහලකට ගොස් තිබූ බව වාර්තා වේ.

විවේක ගන්නා ලෙස වෛද්‍ය උපදෙස් ලැබීමෙන් පසුව ඔහු නැවත පිටියට පැමිණ ඇත්තේ ගුවන් ගිලන් රථයක් මඟින් වෙනත් රෝහලක් කරා යෑමේ අදහසින් වුවද හෘදයාබාධය යළි උත්සන්න වීම හේතුවෙන් ඔහු නැවත එම රෝහලටම යොමු කිරීමට ක්‍රීඩා සමාජයේ බලධාරීන් පියවර ගත් බව වාර්තා වේ.

ෆවුස් මොහොමඩ්

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT