හැටන් කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන ඉතා අඩු පහසුකම් සහිත පාසලක් වන හැටන් දික්ඔය සිංහල මහා විද්‍යාලයට අඩුපාඩුවක් ලෙස පැවති ශබ්ද විකාශන යන්ත්‍ර පරිත්‍යාග කිරීමට මහනුවර රොටරැක් සමාජය කටයුතු කර ඇත.
ඉතා අඩුපහසුකම් යටතේ ළමුන් 100 දෙනෙකු පමණ මෙම පාසලෙන් අධ්‍යාපනය ලබන බවත්, එම ළමුන් මුහුණ දෙන අභියෝග දෙස තම සමාජයේ අවධානය යොමු කර බලාපොරොත්තුවේ හඬ නමින් මෙම ශබ්ද විකාශන යන්ත්‍ර ලබාදීමේ වැඩසටහන සිදු කළ බව රොටරැක් සමාජයේ මහනුවර ශාඛාවේ සභාපති අසාම් ෂියාම්ඩීන් මහතා කියා සිටියේය.
මේ තුළින් පාසලේ සන්නිවේදන කටයුතු ශක්තිමත් කර ගැනීමට අවස්ථාව සැලෙසන බවත්, මෙම ශබ්ද විකාශන යන්ත්‍ර ලබාදීම සඳහා මෙරටට පැමිණි විදේශීය පවුලක සහාය ද ලැබුණු බව අසාම් ෂියාම්ඩීන් මහතා පැවසීය.
නෝර්වුඩ් සමූහ – හැටන් රංජිත් රාජපක්ෂ