Wednesday, March 26, 2025
Home » පාසලක් අසල කසිප්පු පෙරූ අයෙක් මාට්ටු

පාසලක් අසල කසිප්පු පෙරූ අයෙක් මාට්ටු

by sachintha
March 25, 2025 4:44 pm 0 comment

ඌව පරණගම ගනේතැන්න බුස්දුල්ල විද්‍යාලය ආසන්නයේ නිවෙසක කසිප්පු පෙරූ පුද්ගලයකු පෙරේදා (23) පස්වරුවේ අත්අඩංගුවට ගත් බව අඹගස්දෝව පොලීසිය පවසයි.

අඹගස්දෝව පොලීසියට ලද තොරතුරක් මත සිදු කළ වැටලීමකදී නීති විරෝධී අයුරින් මත්පැන් නිෂ්පාදනය කළ ස්ථානය සොයා ගැනීමට හැකිව තිබූ අතර, ඌව පරණගම, ගනේතැන්න බුස්දුල්ල විද්‍යාලය භූමියට යාබද නිවෙසක් තුළ ඉතා සූක්ෂ්ම ආකාරයෙන් මෙලෙස කසිප්පු පෙරීම සිදු කර ඇති බව පොලීසිය පැවසීය.

කලක පටන් මෙලෙස නීති විරෝධී අයුරින් මත්පැන් පෙරීම සිදු කරගෙන ගොස් ඇති බවට පොලීසිය සැක කරන අතර, කසිප්පු මිලිලීටර් 7000ක් සහ ගෝඩා මිලිලීටර් 40000ක් ද සමඟ කසිප්පු පෙරීම සඳහා යොදා ගත් උපකරණ කිහිපයක් ද මෙම වැටලීමේදී පොලිස් භාරයට ගත් බවද පොලීසිය පැවසීය. මත්පැන් පෙරීමේ නිරත වූ බවට සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයා වයස අවුරුදු 42ක් වන මෙම නිවෙසේ පදිංචි අයකු බවද පොලීසිය පැවසීය.

බණ්ඩාරවෙල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඒ.ඒ.ආර්.ජී. අමරසිංහ මහතාගේ උපදෙස් පරිදි, සහකාර පොලිස් අධිකාරි ප්‍රදීප් කුමාර මහතාගේ මඟ පෙන්වීම් මත, අඹගස්දෝව පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ආර්.එම්.එස්.කේ. රත්නායක මහතාගේ මූලිකත්වය ඇතිව පො.සැ. (37448) ජයසේකර, පො.සැ. (50176) පෙරමුණ, පො.සැ. (74507) සඳරුවන්, පො.කො. (76721) පුෂ්පකුමාර යන නිලධාරීන් විසින් මෙම වැටලීම සිදු කර ඇත.

වැලිමඩ සමූහ – කේ.ආර්.ආර්. රාජමන්ත්‍රී

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT