Wednesday, March 26, 2025
Home » සීලගමටත් වනඅලි ඇවිත්: කෙසෙල් වගාව විනාශ කරලා

සීලගමටත් වනඅලි ඇවිත්: කෙසෙල් වගාව විනාශ කරලා

by sachintha
March 25, 2025 4:41 pm 0 comment

බෙලිහුල්ඔය, සීලගම ප්‍රදේශයේ කරපෙ ගම්මානයට පෙරේදා (23) රාත්‍රියේ වනඅලි තිදෙනකු පැමිණ සිය වගාවන් විනාශ කළ බව ප්‍රදේශවාසීහු පවසති.

සමනල වැවෙන් පීනා ඇවිත් නිවෙස් ආසන්නයේ ඇති වත්තක කෙසෙල් වගාවක් විනාශ කර තිබේ. ප්‍රදේශවාසීන් පවසන්නේ මුත්තෙට්ටුගම එක් කොටසක අලිවැට ගසා ඇත්තේ මෙම අලින් තිදෙනකු මැදිකරමින් බවයි. මෙම වනඅලි සමනල වැව කෙළවර වන රක්ෂිතයේ ඇති කිතුල් කෑමට පැමිණෙන බව කියන ගම්වාසීහු සිය ගමට වනඅලි පැමිණියේ පළමු වරට බවද පවසති. ජීවිත හානි කිසිවක් සිදු නොවූවද ඉදිරියේදී තම ජීවිත අවදානම පවතින බව ඔවුහු පෙන්වා දෙති.

වනජීවී නිලධාරීන් පැමිණ අලිවෙඩි දමා තාවකාලිකව පලවා හැරියද, වනජීවී නිලධාරීන් හා ගමේ පිරිස් එක්ව ස්ථිරවම මෙම වනඅලි වනයට පලවා හැරීමක් සිදු කරන්නේ නම් තමන්ට සහනයක් වන බව ගම්වාසීහු පවසති. මාස හයක සිට හතරබාගයේ තුන්කිද ප්‍රදේශයන්හි සැරිසරන මෙම වනඅලි කැලයට මුදාහැරීම තවමත් සිදු නොවී නොමැති බවද ඔවුහු සඳහන් කරති.

බෙලිහුල්ඔය සමූහ සමන්තා කංකානම්ගේ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT