Wednesday, March 26, 2025
Home » ජාතික සමගිය උදෙසා ඉෆ්තාර් වැඩසටහනක් කින්නියා ටී.බී ජායා විදුහලේදී

ජාතික සමගිය උදෙසා ඉෆ්තාර් වැඩසටහනක් කින්නියා ටී.බී ජායා විදුහලේදී

by sachintha
March 25, 2025 4:40 pm 0 comment

 

ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ගඟතලාව එක්සත් මාධ්‍ය සංසදය ශූද්ධ වූ රාමසාන් උපවාස මාසය තුළ ජාතීන් අතර සමගිය උදෙසා පවත්වනු ලැබූ උපවාසය අත්හැරීමේ ඉෆ්තාර් වැඩසටහන කින්නියා ටී.බී ජායා බාලිකා විද්‍යාලයේදී පෙරේදා (23) පැවැත්විණි.

තුන්වන වරටත් පැවැත්වූ මෙම ඉෆ්තාර් වැඩසටහනේ ප්‍රධාන ආරාධිත අමුත්තන් ලෙස නැඟෙනහිර ආණ්ඩුකාර මහාචාර්ය ජයන්ත ලාල් රත්නසේකර, ත්‍රිකුණාමලය දිසාපති ඩබ්.ජී. මහේෂ් හේමන්ත කුමාර යන මහත්වරු සහභාගි වීම විශේෂත්වයක් වූහ. සියලු ජාතීන්ගේ සහභාගිත්වයෙන් පැවැත් වූ මෙම වැඩසටහනේදී ජාතික සමගියට හොඳම නිදර්ශනයක් මෙය බව මෙම අවස්ථාවට සහභාගි වූ ප්‍රධාන ආරාධිත අමුත්තෝ පැවසූහ.

ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ගඟතලාව එක්සත් මාධ්‍ය සංසදයේ ඉෆ්තාර් කමිටුව මෙම වැඩසටහන සංවිධානය කර තිබුණි.

ත්‍රිකුණාමලය විශේෂ

ඒ.ටී.එම්.

ගුණානන්ද

අමරජීව

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT