Wednesday, March 26, 2025
Home » බළන්ගොඩ ජලභිතිකාව පාලනයට එන්නත් කරයි

බළන්ගොඩ ජලභිතිකාව පාලනයට එන්නත් කරයි

by sachintha
March 25, 2025 4:32 pm 0 comment

ජලභීතිකාව පාලනය කිරීමට සුනඛයන් එන්නත් කළ අයුරු.

 

ජලභීතිකා රෝගය පැතිරීමේ තර්ජනය සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලය සහ බළන්ගොඩ සිංහ සමාජය, බළන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සමඟ එක්ව නොමිලේ සුනඛ ජලභීතිකා එන්නත් ලබාදීමේ වැඩසටහන් පෙරේදා (23) බළන්ගොඩ කිරිඳිගල, මුගුණමලේ සහ තුඹගොඩ ප්‍රදේශවලදී ක්‍රියාත්මක කෙරිණි.

මෙම වැඩසටහන සඳහා සබරගමුව විශ්වවිද්‍යාලයීය කෘෂි විද්‍යා පීඨයේ සිසු සිසුවියන් 60 දෙනෙකු සහ මහාචාර්ය පශු වෛද්‍ය සංජීව ප්‍රසාද් ජයවීර සමඟ කථිකාචාර්ය වෛද්‍ය චම්පික පෙරේරා, කථිකාචාර්ය නිමේශ් මධුශංක, එම්. කිරුභාශිනී යන අචාර්ය මණ්ඩල සාමාජිකයෝ සහභාගි වූහ.

ප්‍රදේශයේ එන්නත් මධ්‍යස්ථාන 10ක පැවති මෙම වැඩසටහනේදී සුනඛයන් සහ බළලුන් 167ක් එන්නත් කරන ලද අතර, මේ සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ පශු වෛද්‍ය ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය දර්ශනී දිසානායක මහත්මියගේ සහ රත්නපුර ප්‍රාදේශීය සෞඛ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය අනූජ රුද්‍රිගුගේ උපදෙස් මත බළන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය කේ.එස්.ඩි.පී. කණ්ඩුල මහත්මිය, පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක බී.එල්.කේ.එල්. කුමාරසිංහ, මහජන සෞඛ්‍ය පරීක්ෂක කේ.එල්.ඒ.එන්.අයි. වීරසේකර, එල්.එස්.පී. ආරියරත්න, ජී.සී.එම්. සෝමතුංග, ඒ.එම්.සී.එල්. ආඳාදොළ, ඒ.වී.ඒ.පී. ගුණරත්න, පශු එන්නත්කරු එච්.ඩබ්ලිව්.එස්.ඒ. හපුගස්වත්ත, බි.කේ.ඩී. ජයසිංහ යන මහත්ම මහත්මීහු එක්ව සිටියහ.

බළන්ගොඩ – සම්පත් ප්‍රියනන්දන

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT