Home » ටී-56 පතරොම් පෙට්ටියක් බටතුන පාලම යට

ටී-56 පතරොම් පෙට්ටියක් බටතුන පාලම යට

by sachintha
March 25, 2025 4:31 pm 0 comment

පොලොන්නරුව කදුරුවෙල දෙකේ ඇළේ මාර්ගයේ බටතුන පාලම යට තිබී ටී56 අවි සඳහා භාවිත කරන පතරොම් 750කින් යුත් පෙට්ටියක් පෙරේදා (23) හමු වූ බව පොලොන්නරුව පොලීසිය පවසයි.

බටතුන, මුස්ලිම් කොලනිය, කදුරුවෙල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුගෙන් ලද තොරතුරක් මත මෙම පතරොම් පෙට්ටිය සොයාගැනීමට හැකි වූ බව පොලීසිය පවසයි.

7.62×39mm වර්ගයේ මෙම පතරොම් පෙට්ටිය සම්බන්ධ විමර්ශන කටයුතු මේ වනවිට ආරම්භ කර ඇති බව ද පොලීසිය සඳහන් කරයි.

සිරිපුර – මදුශානි අබේසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT