ජපානයට සකුරා මල් වගේම මේ දිනවල අපේ රටේ බොහෝ ස්ථානවල දැකගත හැකි සුන්දර මල් විශේෂයකි රොබරෝසියා. අප්‍රේල් මාසය උදාවීමත් සමඟ රොබරෝසියා මල් පිපීම ආරම්භ වෙනවා. රොබරෝසියා ගසේ කොළ හැලී මුළු ගසම මල්වලින් පිරී අලංකාරවත් වෙනවා. මේ දිනවල හලාවත, කොළඹ ප්‍රධාන මාර්ගයේ කක්කපල්ලිය ප්‍රදේශයේ මාර්ගය දෙපස රොබරෝසියා මල් විශාල වශයෙන් පිපී මුළු පරිසරයම දම් පැහැයෙන් වර්ණ ගැන්විලා. මේ දැකුම්කලු දසුන නෙත ගැටෙන බොහෝ දෙනෙක් සුළු වේලාවක් එහි රැඳී ඒ සුන්දරත්වය විඳ ගැනීමට කටයුතු කිරීම සුලබ දසුනක්.
තරුණ තරුණියන් පමණක් නෙවෙයි වැඩිහිටි අයද සුළු වෙලාවක් හෝ එහි රැඳී ඡායාරූප ගනිමින් සුන්දරත්වය විඳගනිති. මේ අතර විදේශිකයන්ද මේ දැකුම්කලු දසුන් නැරඹීමට පැමිණ සිටීම විශේෂත්වයකි.
මාරවිල සමූහ – මිහිර විජේසේකර