බේරුවල, චීනකොටුව අල්පාසියා දේවස්ථානය දැක බලාගෙන ඉස්ලාම් ආගමික වතාවක් සිදු කරන ආකාරය හා නෝම්බි දිනවල සිදු කෙරෙන වතාවත් පිළිබඳ පූර්ව අවබෝධයක් ලබා ගැනීමට කළ ඉල්ලීම අනුව කිරිඇල්ල එපිටවල ප්‍රදේශයේ සිට පැමිණි ආනන්ද මෛත්‍රී පෙර පාසල් ගුරුවරුන්, දරුවන් හා මවුපියන් පිරිසක් වෙත ඊයේ (24) සුහදශීලී පිළිගැනීමක් හිමි විය. එහිදී ඉස්ලාම් දේවස්ථාන පරිශ්‍රයේ සිට ඔවුන් දැනුම්වත් කර දරුවන්ට ත්‍යාග ප්‍රදානය කිරීමට ද පියවර ගෙන තිබිනු අතර, ඔවුන්ගේ එම පරිසර චාරිකාව සිහිවීම පිණිස ‘අල් කුරාණය’ පොත ද පෙරපාසල් ප්‍රධාන ගුරුතුමිය වන චේතිය එරංගි රම්‍යා මහත්මිය වෙත ප්‍රදානය කිරීම ද මෙහිදී සිදු කෙරිණි. අනතුරුව ඉස්ලාම් ආගම අනුව නෝම්බි උපවාසය අත්හැරීමේ චාරිත්‍රය ද සිදු කර ඉස්ලාම් ජනතාව හා සමානව ආහාරපාන අනුභවයට ද එක්කර ගනිමින් එම අත්දැකීම ද දරුවන්ට ලබා දීම එහිදී සිදු කෙරිණි.
අලුත්ගම – තුසිත කුමාර ද සිල්වා