Home » කටුකුරුන්ද ජපන් භාෂා පාසලේ සිසුන් 45කට ජපානයට වීසා

කටුකුරුන්ද ජපන් භාෂා පාසලේ සිසුන් 45කට ජපානයට වීසා

by sachintha
March 25, 2025 4:25 pm 0 comment

ජපන් ශ්‍රී ලංකා මිත්‍රත්ව සංගමය මගින් පවත්වාගෙන යනු ලබන කළුතර කටුකුරුන්ද ජපන් භාෂා පාසලේ අධ්‍යාපනය ලද සිසු සිසුවියන් 45 දෙනකුට මෙවර ජපානයේ විශ්වවිද්‍යාලවලට ඇතුළත්ව උසස් අධ්‍යාපනය ලැබීමේ අවස්ථාව හිමිව ඇති අතර ඔවුනට වීසා බලපත් ප්‍රදානය කිරීමේ උත්සවය පසුගියදා පැවැත්විණ.

මෙම ජපන් භාෂා පාසලේ අධ්‍යාපනය ලද සිසු සිසුවියන් 336 දෙනකු මේ වන විට අර්ධකාලීන රැකියා අවස්ථා ද සමග ජපානයේ උසස් අධ්‍යාපනය සඳහා යොමු කර ඇති අතර, වැඩිම පිරිසක් යැවෙන්නේ මෙවර බව එම පාසලේ අධ්‍යක්ෂ මහරගම සෝමරතන හිමියෝ ප්‍රකාශ කළහ. මෙම වීසා බලපත් ප්‍රදානය කිරීමේ උත්සවය නුගේගොඩ නාලන්දාරාම විහාරාධිකාරී ශාස්ත්‍රපති කලවානේ මහානාම හිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු අතර, විශේෂ ආරාධිතයන් ලෙස කළුතර දිස්ත්‍රික් ලේකම් ජනක කේ. ගුණවර්ධන මහතා සහ ජපානයේ තෝකියෝ පූජී ජාත්‍යන්තර ජපන් භාෂා පාසලේ විදුහල්පතිනී ඉසුසුකා මහත්මිය ඇතුළුලු පිරිසක් එක්ව සිටියහ.

මෙහිදී ජපන් භාෂා තරග විභාගයෙන් වැඩිම ලකුණු ලබා ගත් තරිණි සෙව්වන්දි, ඉරෝෂි අනුපමා සහ ,සඳලි අමන්දා යන සිසුවියනට විශේෂ තිළිණ පිරිනමන ලදී .

කළුතර මධ්‍යම සමූහ – සුනිල් ස්ටැන්ලි

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT