Wednesday, March 26, 2025
Home » සන්ධාන නෑ: සජබ යන්නේ තනිවම

සන්ධාන නෑ: සජබ යන්නේ තනිවම

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

by sachintha
March 25, 2025 4:16 pm 0 comment

සජිත්, මහින්ද, රනිල් එකතු වෙන බවට විවිධ පුවත්පත්වල පුවත් පළ කරමින් ඒවා පත්තර කියවන වැඩසටහන්වලදී සිරස්තල ලෙස ගෙන ඉස්මතු කර කියන බවත් එය අමූලික පට්ටපල් බොරුවක් බවත් සමඟි ජන බලවේගයට කිසිවෙක් සමඟ එකතු වීමට අවශ්‍ය නොවන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසුවේය. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ ඉදිරි පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් සමඟි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් අපේක්ෂකයන් සමඟ පෙරේදා (23) පැවැති හමුවකදීය.

සමඟි ජන බලවේගය මෙවර පළාත් පාලන මැතිවරණයේ විශිෂ්ට ජයක් ලැබීම වැළැක්වීමට බංකොලොත් දේශපාලන පක්ෂ එකට එකතු වී ව්‍යාජ පුවත් ජනගත කරමින් සිටින හෙතෙම කීවේය.

ජනාධිපතිවරයා පැය ගාණක් අය-වැය කතාව කර අය-වැය අවසන් වන විටත් තවත් පැය ගාණක කතාවක් කරමින් දේශපාලන බල්ට් ගහන සංස්කෘතිය අවසන් යැයි පැවසූ බවත් දේශපාලන බල්ටි ගැහුවත් නැතත් සමඟි ජන බලවේගය කවදාවත් බල්ටි ගහන අයට මුදල් වරදාන වරප්‍රසාද පිටරට සංචාර දී මන්ත්‍රීවරු නැවැත්තුවේ නැති බවත් විපක්ෂ නායකවරයා පැවැසීය. ඒවා සිදු වුණු කාලයක් තිබූ බවත් ජනතා විමුක්ති පෙරමුණේ පවා හොඳ බල්ටිකාරයෝ සිටි බවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 39ක් ජනතා විමුක්ති පෙරමුණට ඉන්න කාලේ බහුතරයක් බල්ටි ගැසූ නිසා අනික් පක්ෂවලට ඇඟිල්ල දික් කරන්න පෙර තමන් දෙසත් බලන ලෙස ඉල්ලා සිටින බවත් විපක්ෂ නායකවරයා පැවැසීය.

රක්ෂණ ශ්‍රියන්ත

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT