Home » ඡන්දෙන් පසු එජාපයට ගැළපෙන නගරාධිපතිවරයකු පත් කර ගන්නවා

ඡන්දෙන් පසු එජාපයට ගැළපෙන නගරාධිපතිවරයකු පත් කර ගන්නවා

පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක

by sachintha
March 25, 2025 4:15 pm 0 comment

එක්සත් ජාතික පක්ෂය, සමගි ජන බලවේගය, මුස්ලිම් කොන්ග්‍රසය සහ දෙමළ පක්ෂ එක් වී එජාපයේ ස්වරූපය ඉදිරියට ගෙන යන නගරාධිපතිවරයකු කොළඹට පත් කර ගන්නා බව පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක මහතා පැවසීය. කොළඹදී පෙරේදා (23) මාධ්‍ය හමුවක් පවත්වමින් ඒ මහතා මේ බව සඳහන් කළේය. එජාපයේ භූතයෝ දෙන්නෙක් ඉන්නවා.

සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය එකතු වීම ගරුත්වයෙන් සිදු කිරීම එජාපයේ භූතයන් දෙදෙනා නිසා සිදු වන්නේ නැහැ. පක්ෂයේ ඔක්කොම එකතු වී ඉදිරියට යන්න ඕන. ඒ නිසා මෙවර මැතිවරණයෙන් අපි එකට එකතු වෙලා නගරාධිපතිවරයකු පත් කර ගැනීමට කටයුතු කරනවා යැයිද කීවේය.

මේ වන විට බටලන්ද කොමිසම් වාර්තාවෙන් දේශපාලන වාසියක් ගැනීමට එළියට ගෙනවිත් තිබෙනවා. අභ්‍යන්තර ප්‍රශ්න ජාත්‍යන්තරයට ගෙන ගොස් අනවශ්‍ය ප්‍රශ්න ඇති කර නොගත යුතුයි. රටේ ප්‍රශ්න ගණනාවක් තිබෙනවා. ප්‍රශ්න අතීතයට තල්ලු කර අනාගතයට යන්න පුළුවන් අඩිතාලමක් දමා ගත යුතුයි. අවුරුදු 76ක සාපයක් කියලා කියනවනෙ. ඉතින් ජනතාවට නැති වරප්‍රසාද අපි ගන්න ඕන නෑ. අප අනිසි ප්‍රයෝජනයක් ගන්නා බවට වන වැරදි මතය නිවැරැදි කළ යුතුයි. අපි ගිය ගමන හරි කියලා අපි එදා කියනකොට විරුද්ධ පක්ෂයේ අය එයට විරුද්ධ වුණා. දැන් එයාලා පාලනයට ඇවිත් ඒකම කරගෙන යනකොට අපිට සතුටුයි. මේක සහාය දිවීමෙ තරගයක් වගේ. බැටන් එක අරන් පස්සට යන්න බෑ යැයිද කීවේය.

ශිරෝමි අබයසිංහ, මැද කොළඹ සමූහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT