Home » ඩෙංගු මර්දනයට දින 3ක්

ඩෙංගු මර්දනයට දින 3ක්

by sachintha
March 25, 2025 3:07 pm 0 comment

ඩෙංගු මදුරු ව්‍යාප්තිය මර්දනයට මේ මස 27, 28, 29 තෙදින විශේෂ වැඩසටහනක් ක්‍රියාවට නැංවීමට සෞඛ්‍ය අමාත්‍යාංශය සැලසුම් කර තිබේ.

කොළඹ මහ නගර සීමාව ඇතුළු ගම්පහ, කළුතර, මාතර, මාතලේ, මඩකලපුව, රත්නපුර, ත්‍රිකුණාමලය යනාදී දිස්ත්‍රික්ක කේන්ද්‍ර කර ගනිමින් අවදානම් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 37ක මෙම ඩෙංගු මර්දන වැඩසටහන ක්‍රියාවට නැංවීමට අමාත්‍යාංශය පියවර ගෙන ඇත.

එම වැඩසටහනේදී අවදානම් කොට්ඨාසවල පවතින නිවාස, පාසල්, වැඩබිම්, ආයතන, කර්මාන්තශාලා, ආගමික ස්ථාන, පොදු ස්ථාන සහ වෙනත් පරිශ්‍ර, ක්ෂේත්‍ර පරීක්ෂක කණ්ඩායම්වල සහභාගිත්වයෙන් මෙම මර්දන කටයුතු සිදු කරයි.

මෙම ක්ෂේත්‍ර පරීක්ෂක කණ්ඩායම් ලෙස සෞඛ්‍ය කාර්ය මණ්ඩලය, ත්‍රිවිධ හමුදා නිලධාරීන්, පොලිස් නිලධාරීන් සහ ස්වේච්ඡා සේවකයන්ගෙන් සමන්විත වේ. එම පිරිස් අදාළ ප්‍රදේශයන්හි නිවාස, පරීශ්‍රවල මදුරුවන් බෝවීම වැළැක්වීම සඳහා අවශ්‍ය දැනුම්වත් කිරීම් ද මෙම වැඩසටහනට සමගාමීව සිදු කිරීමට නියමිතය.

සන්ධ්‍යා කරුණාරත්න

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT