රාජ්‍ය, අර්ධ රාජ්‍ය හා පෞද්ගලික ආයතන 22,450කට ආසන්න ප්‍රමාණයක් සේවක අර්ථ සාධක අරමුදලට මුදල් බැර කර නැතැයි කම්කරු නියෝජ්‍ය ඇමැති මහින්ද ජයසිංහ මහතා පැවසුවේය.
සේවක අර්ථසාධක අරමුදලට ගෙවීමට හෝ දායක වීමට අපොහොසත් වූ රාජ්‍ය, අර්ධ රාජ්‍ය සහ පෞද්ගලික ආයතන 22,450කට අධික සංඛ්‍යාවකට එරෙහිව නීතිමය පියවර ගන්නා බව ද හෙතෙම කීවේය.
සේවක අර්ථසාධක අරමුදලට (EPF) නොගෙවූ අරමුදල් ලෙස කෝටි 3,600 (බිලියන 36)කට ආසන්න ප්‍රමාණයක් හඳුනාගෙන ඇතැයිද ජයසිංහ මහතා ප්‍රකාශ කළේය. කම්කරු දෙපාර්තමේන්තුවේ නව කොමසාරිස් ජනරාල්වරිය ලෙස පත් වූ නදීකා වටලියද්ද මහත්මිය වැඩ භාර ගත් අවස්ථාවට එක් වෙමින් නියෝජ්‍ය ඇමැතිවරයා ඊයේ (24) මේ බව කීවේය. එම මුදල් අයකර ගැනීම සඳහා රජයක් ලෙස කම්කරු දෙපාර්තමේන්තුවට උපරිම සහාය ලබාදෙන බවත් ඒ මහතා කීවේය. ඩිජිටල් අමාත්‍යාංශය සමඟ සහයෝගි වැඩසටහනක් ආරම්භ කර නීතිවිරෝධි සහ වංචනික ක්‍රියාකාරකම් වැළැක්වීමට පියවර ගන්නා බවත් ඒ සඳහා කම්කරු දෙපාර්තමේන්තුවේ සමස්ත පද්ධතියම ඩිජිටල්කරණය කිරීමට අරමුණු කරන බවත් හෙතෙම ප්‍රකාශ කළේය. කම්කරු නීති සංශෝධනය කිරීමට අවධානය යොමුව තිබෙන බව පැවසූ ඒ මහතා, රජය කම්කරු ජනතාවගේ අභිවෘද්ධිය වෙනුවෙන් කටයුතු කරන බව ද කීවේය.
දුලක්ෂි උඩගෙදර