මහපොළ දීමනාව ප්‍රමාදයකින් තොරව සිසුන් අතට පත් කිරීමට අවශ්‍ය පියවර ගැනීමට ආණ්ඩුව සූදානම් වෙයි. මහපොළ ශිෂ්‍යාධාරලාභීන් වෙත එම දීමනාව ප්‍රමාදයකින් තොරව ලබා දීමට ගත හැකි ඉදිරි පියවර සම්බන්ධයෙන් සාකච්ඡාවක් අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන නියෝජ්‍ය ඇමැති වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (24) ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ්‍රයේදී පැවැත් විණි.
මෙහිදී 2025 වසර සඳහා, පළමු වසර විද්‍යාර්ථීන්ට සිදු වී ඇති මහපොළ දීමනාව ලැබීමේ ප්‍රමාදය අවම කර ගැනීමට ගත හැකි කෙටිකාලීන පියවර සහ අනෙකුත් වසරවල විද්‍යාර්ථීන්ට මහපොළ දීමනාව ප්‍රමාදයකින් තොරව ලබා දීමට ගත හැකි පියවර කෙරෙහි අවධානය යොමු විය. එමෙන්ම දිගු කාලීන වැඩපිළිවෙළක් ලෙස මහපොළ ශිෂ්‍යාධාරලාභීන් වෙනුවෙන් ඇති පරිගණකගත දත්ත පද්ධතිය නවීකරණය කිරීම සම්බන්ධයෙන් ද නියෝජ්‍ය ඇමැතිවරයාගේ විශේෂ අවධානය යොමු විය. මෙම සාකච්ඡාව සඳහා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කපිල සෙනෙවිරත්න මහතා ඇතුළු විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සහ මහපොළ භාරකාරත්ව අරමුදලේ නිලධාරීහු පිරිසක් සහභාගි වූහ.
සන්ධ්‍යා කරුණාරත්න